Saturday, November 23, 2024

රංජිත් ගුණසේකරගෙන් අලුත් බුදු බණක් ! (නිදහස් දා වයඹ අඵ යට ගිනි)

Must read

6317463174 (2)

දයාසිරිගෙන් සමන්ප‍්‍රියට පාට් එකක් !

පසුගිය සතියේ දිනක වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත්ගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ලැබිණි. ඇමැතුම ඇමැති දයාසිරිගෙනි. ‘‘ඔයා කොහොමද මගේ මන්ත‍්‍රීවරු කැදවලා බිංගිරියේ රැස්වීම් කරන්නේ. ’’ සමන්ප‍්‍රියට හලෝ කියන්නටවත් ඉඩක් නොතබා දයාසිරි සමන්ප‍්‍රියගේ ඇගට ගොඩ විය. දයාසිරි පරල වී ඇති කාරණාව පිළිබදව සමන්ප‍්‍රියට වටහා ගත හැකි වූයේ ටික වේලාවක් ගත වූ පසුවය. සමන්ප‍්‍රිය විසින් බිංගිරියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් කැදවා ඊට පසුදින සංවිධානය කර තිබූ සාකච්ඡාවක් දයාසිරිගේ කෝපයට හේතු වී තිබිණි. ‘‘ඔයාලා මොනවද මේ කරන වැඩ. පක්ෂ දෙකට කඩන්න ලෑස්තිවෙන්න එපා. ’’දයාසිරි කීය. ‘‘ අපිට පක්ෂ දෙකට කඩන්න උවමනාවක් නැහැ. අපිත් හදන්නේ තියෙන එක රැකගන්නයි. අපිත් හොද ශ‍්‍රී ලංකාකාරයෝ තමයි ඇමැතිතුමා. සමන්ප‍්‍රිය උත්තර දුන්නේය. ‘‘ ඔයා කොහොමද ශ‍්‍රී ලංකාකාරයෙක් වෙන්නේ. ඔයා කොමියුනිස්ට්කාරයෙක්නේ.’’ සමසමාජ පක්ෂය නියෝජනය කරන සමන්ප‍්‍රියට කොමියුනිස්ට් ලේබලය අලවමින් දයාසිරි පැවසීය. ‘‘අපිත් ශ‍්‍රී ලංකා එකේ තමයි මුලින් හිටියේ ඇමැතිතුමා. පක්ෂයෙන් වෙව්ව අසාධාරණකම් හින්දා තමයි අපිට සමසමාජ පක්ෂයට යන්න සිද්ධ වුණෙ. නමුත් වාමාංශික පක්ෂයක එල්ලිලා හිටියා මිසක් අපි කවදාවත් යූඇන්පියට ගියේ නැහැ.’’සමන්ප‍්‍රිය එවර කීවේ දයාසිරි වෙත හින්ට් එකක්ද පාස් කරමිනි. ‘‘ මමත් යූඇන්පියට ගියේ මට වෙච්ච අසාධාරණකම් නිසයි. ඔයා මගේ මන්ත‍්‍රීවරුන්ව පාවිච්චි කරලා මහින්දට ඡන්ද හදන්න ලෑස්තිවෙන්න එපා.’’ දයාසිරි තර්ජනාත්මක ස්වරයෙන් යළි පැවසීය. ‘‘ ඒක මහින්ද මහත්තයාට ඡද හදන සාකච්ඡාවක් නෙවෙයි. මන්ත‍්‍රීවරුන්ගේ සාමාන්‍ය හමුවීමක් විතරයි ඇමැතිතුමා. ඇයි ඔබතුමා ඒ ගැන මේතරම් කලබල වෙන්නේ ?’’ සමන්ප‍්‍රිය කීවේය. ‘‘ ඇයි ඉතිං මේ හදිස්සියෙම ඕක තියන්නේ ? මොකක්ද අරමුණ? ඇයි මට හොරෙන් ඕවා සංවිධානය කරන්නේ ? එපා . එපා. මම ඔය කීයටවත් රැස්වීම තියන්න දෙන්නේ නැහැ.’’ දයාසිරි කීය. ‘‘ඔබතුමා එපා කිව්වා කියලා දැන් ඒක නවත්වන්න බෑ. ඒ වැඬේට හැමදෙයක්ම ලෑස්ති කරලා තියෙන්නේ ’’ සමන්ප‍්‍රියද ඇරියේ නැත. ‘‘ඒ කියන්නේ ඔයා වැඬේ නවත්වන්නේම නැද්ද ? හරි බලමුකෝ එහෙනම් කොහොමද ඔය රැස්වීම තියන්නේ කියලා.’’ කෝපයෙන් කෑ ගැසූ දයාසිරි ඇමැතුම විසින්ධි කළේය. හැරෙන තැපෑලෙන් මහින්දට, ගෝඨාභයට, ජොන්ස්ටන්ට මෙන්ම ඞී. බී. හේරත්ටද ඇමැතූ සමන්ප‍්‍රිය දයාසිරිගේ තර්ජනය පිළිබදව ඔවුන් දැනුම්වත් කළේය. ඒ හැම කෙනෙකුගෙන්ම සමන්ප‍්‍රියට උපදෙස් ලැබුණේ දයාසිරිගේ කතා ගණනකට නොගෙන හෙට වැඬේට සූදානම් වන ලෙසටය. ගෝඨාභය කීවේ සාකච්ඡාව අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුම බවත්, සාකච්ඡාවේදී ගැටඵවක් ඇති නොවන බවට තමන් වගබලාගන්නා බවත්ය. ටික වේලාවක් ගෙවී යද්දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට සූදානම් කරගෙන සිටි නිවස හිමි ව්‍යාපාරිකයාගෙන්ද සමන්ප‍්‍රියට ඇමැතුමක් ලැබිණි. ‘‘හරි වැඬේනේ. දයාසිරි ඇමැතිතුමා කතා කරලා මට සෑහෙන්න දොස් කිව්වනේ. සාකච්ඡාව තියන්න දෙන්න එපා කියලත් කිව්වා.’’ සලිත වී සිටි ව්‍යාපාරිකයා සමන්ප‍්‍රියට කීය. සෑහෙන වේලාවක් කරුණු පැහැදිලි කිරීමෙන් පසුව අදාල ව්‍යාපාරිකයාගේ බිය දුරු කරවා සැලසුම් කර තිබූ ආකාරයටම ඔහුගේ නිවසෙහි සාකච්ඡාව පැවැත්වීම සදහා එකගකරවා ගැනීමට සමන්ප‍්‍රිය අවසානයේදී සමත් විය. පසුදින සාකච්ඡාව සදහා සමන්ප‍්‍රිය විසින් ඇරයුම් කළ මන්ත‍්‍රීවරුන් සියලූදෙනාම පාහේ අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ සිටියහ. සමන්ප‍්‍රිය, ඞී. බී. හේරත් මෙන්ම වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලකද සාකච්ඡාවට සහභාගී වී සිටියහ. සෝමසිරි සිටියේ මදක් චකිතයෙන් බව පෙනෙන්නට තිබිණි. ‘‘දයාසිරි කට්ටියකුත් තියාගෙන මග රැකගෙන ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා මල්ලි ’’ සෝමසිරි සමන්ප‍්‍රියට කීය. ‘‘ඕං ඔහේ ඇති දයාසිරියෙක් නෑ සෝමසිරි අයියේ. අපි වැඬේ පටන්ගමු. ’’යැයි කී සමන්ප‍්‍රිය සෝමසිරිද අසුනක වාඩිකරවාගෙන සාකච්ඡාව ආරම්භ කළේය.

කමල් ඉන්දිකට සල්ලි නැතිලූ.

වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේ කුරුණෑගල අධිකරණ සංකීර්ණය පැත්තේ ගැවසෙනු දැකගත හැකි විය. ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේදී අඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදුන් බවට මන්ත‍්‍රී කමල් ඉන්දික ඇතුලූ පිරිසකට එරෙහිව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාගවෙමින් පවතින එදින යළි කැදවීම හේතුවෙනි. පසුගිය නොවැම්බර් මාසයේදී නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු පවා නිකුත් කෙරුණු නිසාදෝ පසුගිය සදුදා නම් නියමිත වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටීමට කමල් ඉන්දික විසින් වගබලාගෙන තිබිණි. අඵත් පරපුර නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම්කර සිටින රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේද එදින කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට වෙත පැමිණ සිටියහ. මෙම නඩුවේදී මන්ත‍්‍රී කමල් ඉන්දික වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කීර්ති දුනුසිංහ එදින අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් අපූරු කතාවක් කීවේය. අඵත් පරපුර කලාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා කණගාටුව පළකිරීමට මන්ත‍්‍රී කමල් ඉන්දික සූදානමින් සිටින නමුත් එම ප‍්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීම සදහා ශාලාවක් වෙන් කර ගැනීමටවත් ඔහුට මුදල් නැති බව නීතිඥ දුනුසිංහ එදින අධිකරණය ඉදිරියේ කීවේය. නඩුව සමථයකට පත්කරගැනීමට සූදානම් බවටද කමල් ඉන්දිකගේ පැත්තෙන් කරුණු කියැවුණු නමුත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊට එකහෙළාම හරස් විය. කලාකරුවන්ගෙන් සමාව ගැනීම හරහා නඩුව සමථයකට පත්කර ගැනීමට මීට පෙර අවස්ථාවකදීත් යෝජනා වූ නමුත් මන්ත‍්‍රී කමල් විසින් මව්බිම පුවත්පතට ලබාදුන් සාකච්ඡාවකදී තමා අතින් වරදක් වී නැති බැවින් කලාකරුවන්ගෙන් සමාව ගැනීමට සූදානම් නැති බවට කර තිබූ ප‍්‍රකාශයක් මත අදාළ එකගත්වයෙන් ඉවත්වීමට පැමිණිලි පාර්ශ්වය කටයුතු කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුසන්ත දොඩාවත්ත කීය. දෙපැත්තෙන්ම නැගුණු තර්ක විතර්ක හමුවේ සමථයකට පත්නොවූ නඩු විභාගය එළැඹෙන මාර්තු මාසය දක්වා තවත් දිනයකට කල් ගියේය.

ජයරත්න වෙනුවෙන් ජනතාව ලේන්සු සම්මාදමක.

උහුමීය, කොට්ටගස් හන්දියේ සිට හංහමුණ දක්වා වූ මාර්ගය පයින්වත් යෑමට නොහැකි තරමට අබලන් වී තිබීම පිළිබදව විරෝධය පළකරමින් ප‍්‍රදේශවාසීන් විසින් දැවැන්ත විරෝධතාවයක යෙදුණේ පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේදීය. මාර්ගය මතට ගස් කපා දමා, ලී කොටන් යොදා මාර්ගයද අවහිර කර, මහමග ටයර් පුඵස්සා දමමින් ගමනාගමන කටයුතු පවා සම්පූර්ණයෙන්ම අඩාල කරමින් පැවැති මෙම උද්ඝෝෂණය විරෝධතාවයකට වඩා පැය කිහිපයක හර්තාලයක්යැයි කිවහොත් වඩාත් නිවැරදිය. විරෝධතාවය සැරටම පැවැත්වුණු නිසාදෝ වගකිවයුතු කිසිදු මැතිඇමැතිවරයෙකු ඒ පැත්ත පළාතේ පස් නොපාගා සිටීමට පරිස්සම් වී තිබුණු අතර එතැනට පැමිණි එකම දේශපාලනඥයා වූයේ පොල්ගහවෙල එක්සත් ජාතික පක්ෂ සංවිධායක එච්. එම්. ජයරත්න පමණි. වයඹ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකුද සමග ජයරත්න එතැනට පැමිණ තිබුණේ පාර හැදිල්ලට විසදුමක් ලබා දී විරෝධතාවය අවසන් කිරීමේ අරමුණින් යුතුව නමුත් ජයරත්නට ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබුණේ අනපේක්ෂිත ප‍්‍රතිචාරයකි. ජයරත්න කියන දේට මොහොතකට හෝ කන්නොදුන් ප‍්‍රදේශවාසීහු කෑ කෝ ගසමින් බාධාකළා විනා ජයරත්නට සමග සම්මුතියකට ඒමට සූදානම් නැති බව පෙන්වූහ. ඒ අතරේ තවත් පිරිසක් මහ මග ලේන්සුවක් එලා ඊට මාරු කාසි එකතු කරන්නට වූහ. ප‍්‍රදේශවාසීන් අතරට මැදි වී සිටි ජයරත්නගේ කමිසයද එහෙන් මෙහෙන් ඇදෙන්නටත් පටන්ගැනීම නිසා එනපොට හොද නැති බව වටහාගත් ජයරත්න සෙනග අතරින් මෑත් විය. ජයරත්න එම ස්ථානයෙන් පසුබසිනු දුටු ප‍්‍රදේශවාසීහු මාරු කාසි එකතු වී තිබූ ලේන්සුව අකුලා ජයරත්න වෙත දිගු කරමින් මෙන්න මේකත් අරන් පලෝ යැයි කියමින් දිගටම හූ හඩ නගන්නට වූහ.

මෛත‍්‍රීගේ තෙත් බිම් දින සැමරුමෙන් පළාත් සභාව මහින්දට යයි.

පෙබරවාරි මාසයේ පළමු වයඹ පළාත් සභා රැස්වීම පැවැත්වුණේ පසුගිය අගහරුවාදාය. එදිනම ජනපති මෛත‍්‍රීගේ ප‍්‍රධානත්වයෙන් හලාවත, පබ්බලදී තෙත් බිම් දින ජාතික සැමැරුම් උත්සවය පැවැත්වීම හේතුවෙන් පළාත් සභා රැුස්වීම දියාරු වී ගොස් ඇති බවක් පෙණිනි. පෙරවරු 9. 30 ට සභා රැස්වීම ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් ඒ විට සභාවට පැමිණ සිටියේ මන්ත‍්‍රීවරුන් දහයකට ආසන්න ගණනක් වන අතර ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ පැමිණීමෙහි සැලකිය යුතු අඩුවක් දැක ගත හැකි විය. මහ ඇමැති ධර්මසිරි, ඇමැති සන්ධ්‍ය, සුමල් තිසේරා, සභානායක චින්තක මායාදුන්නේ සහ මන්ත‍්‍රී පියසිරි රාමනායක ඇතුඵ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් ගණනාවක්ම තෙත් බිම් දින සැමරුමට සහභාගීවෙන්නට පබ්බලට ගොස් සිටීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ දෙසින් දිස් වූයේ පාලූ ස්වභාවයකි. තව ටිකක් විමසිල්ලෙන් බැලූ විට එදින පළාත් සභා රැස්විමට සහභාගී වී සිටි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් කිහිපදෙනෙකු හැරුණු කොට බහුතරයක් මහින්ද පිල නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් බවද පෙණිනි. මහින්දගේ පැත්තට බර වී තිබූ ආණ්ඩු පක්ෂය අවුස්සා ගත්තේ පුද්ගලික ප‍්‍රකාශයක් සදහා නැගී සිටි විපක්ෂ නායක ශමල් සෙනරත් විසිනි. ‘‘අද ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු සෑහෙන පිරිසක් අඩුයි. මම හිතන්නේ ජනාධිපතිතුමාගේ උත්සවයට ගිහින් වෙන්න ඇති. මොකද දන්නේ නෑ මෙතැන ඉන්න අය ගියේ නැත්තේ ?’’ඉලක්කයක් නැති ගල් කැටයක් ආණ්ඩු පක්ෂය දෙසය විසිකරමින් ශමල් කීය. ශමල් විසි කළ ගල වද්දාගත්තේ මන්ත‍්‍රී මල්රාජ් පීරිස්ය. ‘‘අපි යන්නේ නෑ. අපි යන්නේ නෑ. මැරුවත් මෛත‍්‍රී ළගට යන්නේ නෑ. ’’උස් හඩින් කෑ ගසමින් මල්රාජ් සභාව දෙවනත් කරන්නට විය. ‘‘දැන් තියෙන්නේ පී. පී. ලා දෙන්නගේ ආණ්ඩුව. දෙන්නම පී.පී. ලා.’’මල්රාජ් දිගටම කෑගසන්නට විය. ‘‘මොනවද පී. පී. කියන්නේ ?’’ ශමල් ඇසීය. ‘‘ඇයි දන්නේ නැද්ද ? මං කියන්නද ? පො.. පො..’’ යැයි මල්රාජ් කෑ ගැසූ නමුත් ඔහුගේ මුවින් අරුතක් ඇති වචනයක් පැන්නේ නැත. මල්රාජ් යළි ඇවිස්සුණේ මන්ත‍්‍රී මංජුල බණ්ඩාර පුද්ගලික ප‍්‍රකාශයක් යටතේ අදහස් දක්වමින් සිටියදීය. මංජුලගේ කතාවේ තැනක් අල්ලාගත් මල්රාජ් ‘‘අපි රිමාන්ඞ් වෙන්න බලන් ඉන්නේ. ’’යැයි කියමින් යළිත් කෑගසන්නට විය. මංජුලද ඊට ප‍්‍රතිචාර දක්වන්නට යාමෙන් දෙදෙනා අතර ඇති වූ වාදය විනාඩි කිහිපයක් දක්වා දුරදිග ගියේය. අත් පා විසිකර උස් හඩින් කෑ ගසමින් තම කතාවට බාධා කරන මල්රාජ්ගෙන් බේරෙන්නට බැරිම තැන මංජුල කීවේ ‘‘අනේ මන්ත‍්‍රීතුමා , ඕකට ඉතිං මාව අල්ලගන්න එපා. ඔබතුමා ඔය කෑ ගහ ගහ නාස්ති කරන්නේ මගේ කාලෙනේ. ’’යැයි කියාය. එයින් පසුව මල්රාජ් මංජුලට බාධා කළේ නැත. ඉන් ටික වේලාවකට පසුව මල්රාජ් ගැන යළි සිහිපත් කළේ විපක්ෂ සංවිධායක චිත‍්‍රාල් ප‍්‍රනාන්දු විසිනි. දංකොටුව රෝහල වෙත ගෙන ගිය ළදැරියකට ප‍්‍රතිකාර නොකිරීම පිළිබදව පුද්ගලික කරුණු දැක්වීම් අවස්ථාවේදී ප‍්‍රකාශයක් සිදුකළ චිත‍්‍රාල් විසින් සිය කතාව අවසන් කළේ ‘‘දංකොටුව රෝහල පිහිටලා තියෙන්නේ මල්රාජ් පීරිස් මන්ත‍්‍රීතුමාලගේ ගෙවල් ළග. කොහේද ඉතිං මෙතැනට වෙලා පොහ් පොහ් ගානවා මිසක් ඒ වගේ දෙයක් ගැනවත් හොයලා බලනවායැයි. කෝ දැං මල්රාජ් පීරිස් මන්ත‍්‍රීතුමා ? ’’යැයි කියමින් චිත‍්‍රාල් ආණ්ඩු පක්ෂය දෙස බැලූ නමුත් මල්රාජ් ඒ වන විට ඔහුගේ අසුනේ නොසිටියේය.

පමාදෝ මොකක්ද එක.

වීරඹුගෙදර ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවීමට ගිය ඇමැති දයාසිරි ජයසේකරට සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහට සමෘද්ධිලාභීන්ගෙන් ලෙඩක් වැටුණු අයුරු පසුගිය සතියේදී අඵ යට ගිනි පිටුවෙන් හෙළිකෙරිණි. එම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම සමග බැදුණු තවත් සැගවුණු කතාවක් එළියට පැන්නේ අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදීය. ඒ වයඹ පළාත් සභා මන්ත‍්‍රී රංජිත් ගුණසේකර කටිනි. රංජිත් ඒ කතාව හෙළිකළේ නිකම්ම නොව දයාසිරි සහ අශෝක්ට තදබල දෝෂාරෝපණයක්ද එල්ල කරමිනි. මුලින් මුලින් රංජිත් දයාසිරි සහ අශෝක්ගේ නම් නොකියා වටෙන් ප‍්‍රහාර එල්ල කළ නමුත් කතාව මැදදී රංජිත්ගේ කටින්ම දයාසිරි සහ අශෝක්ගේ නම් එළියට පන්නවා ගැනීමට ඇමැති දෙහිගම සමත් විය. දයාසිරි සහ අශෝක් එම රැස්වීමට පැය එක හමාරකට අධික කාලයක් ප‍්‍රමාද වී පැමිණීම හේතුවෙන් රැස්වීමට සහභාගී වී සිටි රාජ්‍ය නිලධාරීන්ගේ කාලය අපතේ ගිය බවට මන්ත‍්‍රී රංජිත් චෝදනා එහිදී චෝදනා කළේ දේශපාලනඥයින් කාලය කළමනාකරණය කරගැනීම පිළිබදව සැලකිලිමත්විය යුතු බවට අවවාදයක්ද කරමිනි. ‘‘වෙලාව කළමනාකරණය කරගෙන කටයුතු කළා නම් මේ වගේ අපහසුතාවයකට පත්වෙන්න රජයේ නිලධාරීන්ට සිද්ධ වෙන්නේ නැහැ. දැන් බලාගෙන යනකොට විශාල අර්බුදකාරී තත්වයන් ඇතිකරන්නේ දේශපාලනඥයෝම තමයි. බුදුහාමුදුරුවොත් කියලා තියනවානේ ‘ප‍්‍රමාදෝ මොකක්ද එකක් ’කියලා ගාථාවක්. ’’රංජිත් කියද්දී ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන්ගෙන සිටි සුමිත් රාජපක්ෂ, පියුමාල් හේරත් ඇතුලූ මන්ත‍්‍රීවරුන් බක බක ගා සිනාසෙනු පෙණිනි. තමන්ට වැරදුණු බව වටහාගත් රංජිත් විසින් පසුව අප්පමාදෝ අමතපදං පාඨයද කී නමුත් රංජිත්ගේ අලුත් බුදු බණ සභාවේ සිටි සැමගේ මුවෙහි සිනාවක් නංවන්නට සමත් විය.

කර්නල්ට කොළේ මාරුවෙලා ?

අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදී යෝජනා දෙකක් විවාදයට ගැනීමට සභා කටයුතු කාරක සභාවේදී තීරණය වී තිබිණි. ඉන් එක් යෝජනාවක් ජීවි අලි වැටක් ඉදිකිරීම සම්බන්ධ එකක් වූ අතර අනෙක් යෝජනාව පුද්ගලික වෛද්‍ය රසායනාගාර නියාමනය කිරීම සම්බන්ධ එකකි. මෙම යෝජනා දෙකම ඉදිරිපත්කර තිබුණේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී ආර්. එම්. එම්. රත්නායක විසිනි. ජීවි අලි වැට සම්බන්ධ යෝජනාව එදින පළමුව විවාදයට ගත් අතර යෝජනාව ඉදිරිපත්කළ මන්ත‍්‍රීවරයා ලෙස මුලින්ම අදහස් දැක්වීමේ අවස්ථාවද මන්ත‍්‍රී රත්නායකට හිමිවිය. අලි ඇතුන් ප‍්‍රියනොකරන ශාක වර්ග යොදාගනිමින් ජීවි අලිවැටක් නිර්මාණය කිරීම පිළිබදව අදහස් දක්වමින් කතාව ආරම්භ කළ නමුත් මන්ත‍්‍රී රත්නායකගේ කතාව අතරමැදදී පීල්ල මාරුවන බවක් පෙණිනි. අලිවැට ගැන කියමින් සිටි මන්ත‍්‍රී රත්නායක එක්වරම ආණ්ඩුවත්, එහි ඇමැතිවරුන් කිහිපදෙනෙකුත් විවේචනය වන අයුරින් අදහස් දක්වන්නට විය. මන්ත‍්‍රී රත්නායක විසින් ඇමැති සජිත් පේ‍්‍රමදාස හ`දින්වූයේ නොදත් පේ‍්‍රමදාස යන නමිනි. ඇමැති ලක්ෂ්මන් කිරඇල්ල හැදින්වූයේ කුරඇල්ල නමිනි. අලිවැට ගැන කතාකිරීම පැත්තක තබා මන්ත‍්‍රී රත්නායක විසින් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අපහාස උපහාස එල්ල කිරීම පිළිබදව කලබල වූ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සිය අසුන්වල සිට කෑ කෝ ගසන්නට පටන් ගත්හ. ‘‘මන්ත‍්‍රීතුමා කොළේ මාරුවෙලාද කියලා බලන්න.’’ යැයි කියමින් විපක්ෂ මන්ත‍්‍රීවරුන් දිගින් දිගටම මන්ත‍්‍රී රත්නායකට බාධා කරන්නට වූහ. විපක්ෂනායක ශමල් සිය අසුනෙන් නැගිට කීවේ ‘‘මොනවාද ඔබතුමා මේ කියවන්නේ. කිව්වත් වාගේ අසනීපේ හින්දා කොළේවත් මාරුවුනාද හැබෑටම ? ’’යනුවෙනි. ශමල්ගේ කතාවට උත්තර ලැබුණේ මන්ත‍්‍රී රත්නායකගෙන් නොව මන්ත‍්‍රී පියුමාල්ගෙනි. ‘‘මේ, මේ. එතුමාගේ අසනීප තත්වය අපහාසයට ලක් කරන්න එපා . ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු විදිහට අපි සියලූ දෙනාම එතුමාගේ අදහස් වෙනුවෙන් පෙනී සිටිනවා.’’ යැයි කී පියුමාල් මන්ත‍්‍රී රත්නායක බේරාගත්තේය. කෙසේවෙතත් අදාළ යෝජනාව සම්මත කිරීම සදහා ඡුන්දය විමසන අවස්ථාවේදී විපක්ෂ මන්ත‍්‍රීවරුන් ඊට අත එසවූයේ මදක් පවාවෙලාය. ‘‘ඇයි මොකද පරක්කු ? ’’ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු විපක්ෂයෙන් ඇසූහ. ‘‘එච්චර වටිනා යෝජනාවක් ගෙනල්ලා ඕනෑ නැති ඒවා කියන්න ගිහින් අන්තිමට රත්නායක මන්ත‍්‍රීතුමාම ඒක සවුත්තු කරලා දැම්මා. ඒ හින්දා ඒකට අත උස්සනවාද කියලා අපි ටිකක් කල්පනා කළා. ’’විපක්ෂ නායක ශමල් කීය.

ඞී. බී. ට ආණ්ඩු පක්ෂය ෂුවර් නැති වෙයි.

පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම අවසන් වූයේ මන්ත‍්‍රීවරුන්ගේ සංසදයකට මූලික අඩිතාලම දමමිනි. වයඹ මන්ත‍්‍රී සංසදය ලෙස නම් කර ඇති එම සංගමය ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ එකමුතුවකි. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ පොදු හා පුද්ගලික සුබ සාධනය මුල්කරගෙන පිහිටුවා ගැණුනු මෙම සංගමයේ සභාපතිවරයා ලෙස මහ ඇමැති ධර්මසිරිත්, ලේකම්වරයා ලෙස මන්ත‍්‍රී පියුමාල් හේරත් සහ භාණ්ඩාගාරික ලෙස මන්ත‍්‍රී කමල් හේරත්ද කණ්ඩායම් රැස්වීමේදී තෝරාපත් කර ගැණිනි. පසුගිය අගහරුවාදා පළාත් සභා රැස්වීමට සහභාගීවීමට පැමිණ සිටි මන්ත‍්‍රී මන්ත‍්‍රී පියුමාල් වයඹ මන්ත‍්‍රී සංසදයේ රාජකාරී ආරම්භ කර ඇති බවක් පෙනිණි. අදාළ සංසදයේ සාමාජික අයදුම්පත‍්‍රයක් සකස්කරගෙන සභාවට ගෙනැවිත් තිබූ පියුමාල් එය එදින පළාත් සභා රැස්වීමට පැමිණ සිටි සෑම ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරයෙකු අතටම පත්කිරීමට සහ එය සම්පූර්ණ කිරීමෙන් පසවු ආපසු ලබාගැනීමටත් වගබලාගෙන තිබිණි. වයඹ පළාත් සභා මන්ත‍්‍රී ඞී. බී. හේරත් සභා රැස්වීමට ආවේ තේ විවේකයෙන් පසුවය. පියුමාල් සුපුරුදු ලෙසම ඞී. බී.ගේ අතටද වයඹ මන්ත‍්‍රී සංසදයේ සාමාජික අයදුම්පත‍්‍රයක් පත් කළේය. අදාල අයදුම්පත‍්‍රයත් රැගෙන සිය අසුනෙහි වාඩි වූ ඞී. බී. එය අකුරක් නෑර කියවීමෙන් පසුව තමන්ට පිටුපස පෙළෙහි අසුන්ගෙන සිටි පියුමාල් වෙත හැරුණේය. ‘‘අපි ඉස්සරහට ආණ්ඩු පක්ෂයේ නැති වුනොත් එහෙම මොකද වෙන්නේ ? ’’ඞී. බී. පියුමාල්ගෙන් අනපේක්ෂිත ප‍්‍රශ්නයක් ඇසීය. ‘‘එහෙම වුනොත් වෙනදේත් ඕකට ඇතුළත් කරලා තියෙනවා.’’ කී පියුමාල් අදාළ වගන්තියද ඞී.බී. ට පෙන්වා දුන්නේය. ‘‘එහෙමද, එහෙනම් මම මේක තව පාරක් කියවලා බලලම අත්සන් කරන්නම්. මොකද මෛත‍්‍රී ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂෙකින් ආයේ කවදාවත් ඡන්දයක් ඉල්ලන්න අපේ බලාපොරොත්තුවක් නෑ’’ඞී. බී. කීය.
63174 (1)

උපුටාගැනීම – මව්බිම පුවත්පත – 2016 පෙබරවාරි 04 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article