Saturday, November 23, 2024

වයඹ සෞඛ්‍ය අධ්‍යක්ෂකට මන්ත‍්‍රී පියුමාල්ගෙන් තව ලෙඩක් !

Must read

වයඹ පළාත් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක එන්. ෆරීඩ් මහතා විසින් සිදු කර ඇති බවට විගණන වාර්තා මගින් සනාථ වී ඇති වංචා සහ අක‍්‍රමිකතාවයන් පිළිබදව විධිමත් සහ අක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලමින් ‘නිහඩව නොසිට’ජනතා ව්‍යාපාරය වෙනුවෙන් එහි කැදවුම්කරු සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රී නීතිඥ පියුමාල් හේරත් මහතා විසින් ඊයේ වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය වෙත ලිඛිත පැමිණිල්ලක් භාරදුන්නේය.

‘නිහඩව නොසිට’ජනතා ව්‍යාපාරයේ සාමාජිකයින් කිහිපදෙනෙකු සමග පෙරේදා පස්වරුවේ වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත පැමිණි පියුමාල් හේරත් මහතා අදාළ පැමිණිල්ල සහ එම පැමිණිල්ලෙහි ඇතුළත් තොරතුරු සනාථ කිරීම සදහා තවත් ලිපි ගොනුවක්ද ආණ්ඩුකාරවරිය වෙත භාරදුන්නේය.

ආණ්ඩුකාරවරිය වෙත පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ පියුමාල් හේරත් මහතා මෙසේ කීය.

‘‘අද වෙනකොට රට තූළ බරපතල නිලධාරිවාදයක් ගොඩනැගිලා තියෙනවා. ඒ නිලධාරීවාදය එක් පැත්තකින් ඇඹිලිපිටියේ මිනිස්සු බිල්ඩින්වලින් බිමට තල්ලුකරලා මරද්දී, රටේ සාමාන්‍ය මිනිහෙකුට ආණ්ඩුවේ කන්තෝරුවකට ගිහින් වැඩක් කරගන්න බැරිතැනට වැඩකටයුතු සිද්ධකරලා තියෙද්දී , පළාත් සභා මට්ටමිනුත් මේ නිලධාරිවාදය හිස ඔසවමින් ඉන්න බව පේනවා. ප‍්‍රජාතාන්ත‍්‍රික ජනරජයක් කෙසේවෙතත් නිලධාරීවාදී ජනරජයක් කරා පත්වෙමින් යන බවට පෙනෙන මේ ගමනේදී නිලධාරීන් කරන වංචා සහ අක‍්‍රමිකතාවයන් පිළිබදව අද වෙනකොට හොයන්න බලන්න කෙනෙක් නැතිවෙලා තියෙනවා. ඒකේ ප‍්‍රතිපලයක් විදිහට වයඹ පළාත් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන එන්. ෆරීඩ් මැතිතුමා විසින් තමන්ගේ අත් අකුරින් ලියවිච්ච ධාවන සටහන් ඉදිරිපත් කරලා මුදල් වංචා කරපු විදිහ, සතියේ දින 05 ම දිවා රාත‍්‍රී නැතුව පැය 24ම සේවයේ යෙදෙන සහ ඒ වෙනුවෙන් අතිකාල ලබන රියදුරෝ තියාගත්තු ආකාරය ඇතුලු අක‍්‍රමිකතාවයන් ගණනාවක් ඇතුළත් සවිස්තරාත්මක පැමිණිල්ලක් අද අපි ආණ්ඩුකාරවරිය වෙත ඉදිරිපත් කළා. අපි විසින් කළ පැමිණිල්ල පිළිබදව ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවට ගරු ආණ්ඩුකාරතුමිය අපට සහතික වුණා. එතැනින් නොනැවතී මේ පිළිබදව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සදහා මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා, අල්ලස් හෝ දූෂණ කොමිසම, එෆ් සී අයි ඩී අයතනය ඇතුලු ආයතන ගණනාවක් වෙත ඉදිරිපත් කරන්නත් නිහඩව නොසිට ජනතා ව්‍යාපාරය විදිහට අපි කටයුතු කරනවා. ’’යැයි පැවසීය.

piyumal_complain2 piyumal_complain1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article