කුරුණෑගල, වීරඹුගෙදර ප‍්‍රදේශයේ පිහිටි සුවිසල් පොල් වත්තක් මැද පිහිටි
කඵගලක් බිද එහි ඇති බව කියන නිධානයක් ගොඩගැනීමට උත්සාහ කළ බව
කියන පුද්ගලයින් තිදෙනෙකු සහ ඒ සදහා යොදාගත් උපකරණ තොගයක්
වයඹ පළාත් දිසා දූෂණ වැටලීම් ඒකකයේ නිලධාරීහු විසින් ඊෙය්
අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ උහුමීය , නාරම්මල සහ නවයකණුව යන
ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
වීරඹුගෙදර පොලිස් වසමට අයත් ගස්ලබුවත්ත නැමැති මෙම පොල්වත්තේ ඇති
බව නිධානයක් ගැනීමට සැකකටයුතු පිරිසක් විසින් දින කිහිපයක් තිස්සේ
උත්සාහ කරමින් බවට වයඹ පළාත් දිසා දූෂණ වැටලීම් ඒකකය වෙත ලැබුණු
ඔත්තුවකට අනුව එම ස්ථානය වැටලූ පොලිස් නිලධාරීන් විසින් ඒ වන විටත්
කඵගල බිදිමින් සිටි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සමග ඔවුන් විසින් කඵගල බිදීමට යොදාගත් බව කියන ගල් කටු ,
කුළු ගෙඩි , යකඩ ඉනි , වෙඩි බෙහෙත් ඇතුඵ උපකරණ තොගයක්ද පොලිසිය
විසින් අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ.
වයඹ පළාත් දිසා වයඹ පළාත් දිසා විස දූෂණ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති
උප පොලිස් පරීක්‍ෂක නන්දන බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්
සැරයන් සමන් (24962) , තිලකරත්න (31049) , පොලිස් කොස්තාපල් ජයසිංහ
(39830) , පරකුඹුර (66681) , සමන් (58733) සහ පොලිස් කොස්තාපල් රියදුරු
නිරෝෂන් (1073) යන නිලධාරීහු වැටලීම සිදුකලහ.