බැසිල් යලි කරළියට !
පසුගිය සතියේදී වයඹ දේශපාලනය වඩාත් රත් කළ මාතෘකාව වූයේ පළාත් සභා මන්ත්‍රී ඞී. බී. හේරත්ගේ වාරියපොල, එළවිටිගම පිහිටි නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේද සහභාගීත්වයෙන් පැවැත් වූ බව කියන රහස් සාකච්ඡාවකි. අදාල සාකච්ඡාව මහින්දගේ නායකත්වයෙන් යුතුව ඉදිරියේදී බිහිකෙරෙන බව කියන නෙලූම් මල් පොහොට්ටුව සංඛේත කර ගත් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සහ එහි ඉදිරි කටයුතු පිළිබදව කෙරුණු සාකච්ඡාවක් බවට ප්රවෘත්ති වෙබ් අඩවි ඔස්සේ වාර්තාවන්නට පටන්ගැනීමත් සමග රටේම ඇස් කන් ඩී. බී. ගේ එළවිටිගම පිහිටි නිවස පැත්තට හැරෙන්නට විය. හිටපු ජනපති මහින්ද සහ වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතර පැවැති මෙම සාකච්ඡාව සදහා තවත් සුවිශේෂි අමුත්තෙක්ද සහභාගී වී සිටියේය. ඒ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂය. ජනාධිපතිවරණ පරාජයෙන් පසුව බැසිල් කුරුණෑගලට පා තැබූ පළමු අවස්ථාවද එය විය. සාකච්ඡාවට සහභාගි වී සිටි සියලූ දෙනා සාමාන්‍ය ඇදුම්වලින් සැරසී සිටි නමුත් බැසිල් පැමිණ සිටියේ වැදගත් අවස්ථාවකට අදින ජාතික ඇදුමින් සහ කුරහන් සාටකයෙන් සැරසීගෙනවීම මෙම සාකච්ඡාවට පැමිණ සිටීම කාගේත් අවධානය දිනාගත්තේය. සාකච්ඡාව සදහා මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාලින්ද දිසානායක, සනත් නිශාන්ත පෙරේරා මෙන්ම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරාද සහභාගී වී සිටියහ. දැනට තනතුරු හොබවමින් සිටින මේ පිරිසට අමතරව මීට මාස කිහිපයකට පෙරදී තනතුරු අහිමිව ගිය ‘හිටපු’ පිරිසක්ද සාකච්ඡාවට සහභාගී වී සිටියහ. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. ඩී. විමලදාස, නිමල් විජේසිංහ, වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර, වයඹ හිටපු ආණ්ඩුකාර බලල්ල යුවළද ඩී. බී.ගේ ඇරයුම පිට සාකච්ඡාව සදහා පැමිණි සිටියහ. වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි, නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක, සභානායක චින්තක මායාදුන්න සහ ඞී. බී. හේරත්, අසංක නවරත්න, සමන්ප්රිය හේරත්, ටේරවින් ප්‍රනාන්දු, කුමාර කීර්ති චන්ද්‍රසිරි, සුමිත් රාජපක්ෂ, ජොහාන් ප්‍රනාන්දු , ආනන්ද චන්ද්‍රලාල්, පාලිත රෝහණ, බණ්ඩාර රාජපක්ෂ, රෝහණ බස්නායක, චන්ද්‍ර කමලසිරි, අශෝක පේ‍්‍රමදාස ඇතුලූ වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසිදෙනෙකුත් ඩී. බී.ගේ ඇරයුම පිට සාකච්ඡාවට සහභාගී වී සිටියහ.
දෙහිගම කල් බලයි.
මහ ඇමැති ධර්මසිරි මෙන්ම සෙසු ඇමැතිවරුන් වන ලක්ෂ්මන් වේඩරුව, සන්ධ්‍ය රාජපක්ෂ, සුමල් තිසේරා, ගුණදාස දෙහිගම යන වයඹ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ගේ මුහුණු මහින්දගේ සාකච්ඡාවේදී දැකගත නොහැකි විය. මන්ත්‍රී ඩී. බී. හේරත් විසින් මෙම සාකච්ඡාව සදහා පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පුද්ගලිකවම ආරාධනා කරගෙන යද්දී හොදම කතාව අසන්නට ලැබී තිබුණේ ඇමැති දෙහිගමගේ කටිනි. ‘‘ඔයාලා ඔහොම ඇදගෙන යන්නකෝ. මම අවුරුද්දකින් විතර සම්බන්ධ වෙන්නම්. ’’දෙහිගම විසින් ඩී.බී. ට කියා තිබේ. කියන්නට බොහෝ දේ කටට ආවත් දෙහිගම හමුවේ වචනයක්වත් පිට නොකළ ඩී. බී. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදී දෙහිගමගේ ප්‍රතිචාරය පිළිබදව හෙළි කළ අතර එහිදී මන්ත්‍රීවරුන් විසින් දෙහිගමගේ ප්‍රතිපත්ති පිළිබදව ලූණු ඇඹුල් ඇතිව විවේචනය කළහ. අතුල විජේසිංහ සහ පියසිරි රාමනායකද සාකච්ඡාවට පැමිණ නොසිටි නමුත් ඔවුන් බැසිල් සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බවක් සාකච්ඡාවේදී කියැවිණි. කමල් ඉන්දික, නිලන්ත රාජපක්ෂ සහ චන්දන යාපා මහින්දගේ සාකච්ඡාව වර්ජනය කර තිබිණි. මන්ත්‍රී ඒ. පී. කීර්තිරත්න අසනීපයක් හේතුවෙන් සාකච්ඡාවට එන්නට නොලැබෙන බව දන්වා එවා තිබූ අතර මන්ත්‍රී පියුමාල් හේරත් පුද්ගලික හේතුවක් මත එන්නට නොලැබෙන බවක් දන්වා එවා තිබිණි. ඩී. බී. ගේ නිවසට වැඩම කර සිටි රැකව ජිනරතන නාහිමියන් ප්රමුඛ භික්ෂූන් වහන්සේ විසින් සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර සෙත් පිරිත් සජ්ජායනය කර මහින්දගේ සහ බැසිල්ගේ දෑත්වල පිරිත් නූල් බැන්දහ. සාකච්ඡාවට වාඩි වන පිරිස හැර සෙසු පිරිස ඉන් අනතුරුව ඩී. බී. ගේ නිවසින් එළියට යැවුණු අතර ඩී. බී. ගේ සාලයේ වාඩි වූ මන්ත්‍රීවරුන් සාකච්ඡාව ආරම්භ කළහ. අනාරාධිතව නමුත් කුරුණෑගල නාගරික මන්ත්‍රී අබ්දුල් සත්තාර්ද පැමිණ සිටින බවට ඔය අතරවාරයේදී පණිවිඩයක් ලැබුණු අතර පළාත් සභා මන්ත්ර්රීවරයෙකු නොවන නමුත් සත්තාර්ටද සාකච්ඡාවට වාඩිවීම සදහා අවස්ථාව ලැබිණි. සාකච්ඡාව ආරම්භයේදීම මහින්දගේ පාලන සමයේ පැවැති අඩුපාඩු පිළිබදව විවේචනාත්මක ප්‍රවේශයක් ගත්තේ මන්ත්‍රී ඩී. බී. හේරත් විසිනි. ‘‘අපි නොහිතපු විදිහට පරාජයවීම ගැන අපි ඔබතුමාට තමයි කෙලින්ම චෝදනා කරන්නේ. අවුරුදු දෙකක් තියෙද්දී ඡන්දෙකට ගිහින් ඔබතුමා වරද්ද ගත්තා. අනිත් අතින් වැරදි කරපු මැති ඇමැතිවරුන්ට දඩුවම් නොදී ඒ අයට අනුකම්පා කරන්න ගිය එකෙනුත් ඔබතුමාට වැරදුණා. ඒ නිසා තමයි මේ ප්‍රශ්න සියල්ලම ඇති වුණේ. දැන් මේ ජාතික ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල අපිට හරියන්නේ නෑ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බැරි නම් වෙනම බලවේගයක් හදාගෙන හරි ඔබතුමා අපිට නායකත්වය දෙන්න.’’ ඩී. බී. කියද්දී මහින්ද නිහඩව අසාගෙන සිටියේය. ඊළගට කතා කළේ මන්ත්‍රී සුමිත් රාජපක්ෂය. ‘‘අපිට මේක කරන්න තිබුනේ පහුගිය මහ මැතිවරණයේදී. ඒ වෙලාවේ අපි වෙනම පක්ෂයක් හදාගෙන තරග කළා නම් අපේ වැඩි මන්ත්‍රීවරු පිරිසක් දිනන්න තිබුණා. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර ටිකකුත් ගන්න තිබුණා. එහෙම කළා නම් අපිටත් තරග කරන්න අවස්ථාව ලැබෙන්න තිබුණා. ඒ ඔක්කෝටමත් වඩා ඔය ශාන්ත බණ්ඩාරලා, දයාසිරිලා එල්ලගන්නේ නැතිව පිරිසිදු ගමනක් අපිට යන්න තිබුණා.’’ අනතුරුව කතාකළේ මන්ත්‍රී සමන්ප්රිය හේරත්ය. තමන්ට පෙර කතා කළ ඩී. බී. ගේ මෙන්ම සුමිත්ගේ අදහස්වලට තවත් පොහොර ටිකක් එකතු කිරීමට සමන්ප්රිය වගබලාගත්තේය. ‘‘ඒ වෙලාවේ අපි වෙනමම තරග කළා නම් අපේ විමලදාස මහත්තයාවත්, ඞී. බී. හේරත් මන්ත්රීතුමාවත් , අසංක නවරත්න මන්ත්රීතුමාවත් පරදින්නේ නෑ. නමුත් එහෙම නොකරපු එකේ ඵලවිපාක අපි අද විදිනවා. අපිටත් වැඩිය අපේ මිනිස්සුන්ට ඒක විදින්න වෙලා තියෙනවා. මේ වෙනකොට අපිට උදව් කරන මිනිස්සුන්ට යූඇන්පී එකෙන් ලොකු පීඩනයක් එල්ල කරමින් ඉන්නවා. කුලියාපිටිය පැත්තේ නම් තියෙන්නේ තනිකරම භීෂණයක්. අපේ මිනිහෙකුට පාරේ බැහැලා යන්න බැරි තරමට දරුණුවෙලා තියෙන්නේ.’’ සමන්ප්රිය කීය. ටිකිරි අධිකාරී කතා කළේ ඉන් පසුවය. ‘‘අපි අද මෙතැන ඇවිත් ඉන්නේ පරණ දේවල් කතා කරන්න නෙවෙයිනේ. ගිය දේවල් ගියාවේ. අපි දැන් අලූත් වැඩපිළිවෙලක් ගැන හිතමු. මම අද මෙහේ එන්න ලෑස්ති වෙනකොට මට ආරංචි වුණා ගම්මන්පිල මහත්තයා එයාලගේ පක්ෂයේ සාකච්ඡාවකට පොල්ගහවෙලට ඇවිත් ඉන්නවා කියලා. අපිත් එක්ක ඉන්න අනිත් අය මේ වෙනකොට එයාලගේ වැඩ පටන් අරගෙන ඉවරයි. නමුත් අපේ තවම එහෙම කිසි සූදානමක් නෑ. අපි වැඩපිළිවෙලක් හදාගෙන ඊළ`ග පියවරට සූදානම් වෙමු.’’ මන්ත්‍රී කුමාර කීර්තිද කතා කළේය. ‘‘මම අවුරුදු විසි හතරක් පළාත් සභාවේ ඉන්නවා. නායකයෝ ගාණක් එක්ක වැඩ කරලා තියෙනවා. නමුත් පහුගිය කාලේ ඔබතුමාට ළංවෙන්න බැරිවෙන්න අපේ ආසනවල ලොකු බැම්මක් බැදලා තිබුණා. අන්තිමට ඒ බැමි බැදගෙන හිටපු මිනිස්සුම ඔබතුමාව අතෑරලා ගිහින් යහපාලනේට එකතු වුනා. අපිට එකතුවෙලා මෙහෙම යම් තැනකට එන්න පුලූවන් වුනයි කියමුකෝ. ඊළගට මට තියෙන ප්රශ්නය තමයි ඔබතුමාව දාලා ගිය මිනිස්සුම ආයෙම අපිවත් පෙරළගෙන ඔබතුමා ළගට ආපහු එයිද කියලයි.’’ අනතුරුව කතා කළේ මන්ත්‍රී අසංක නවරත්නය. ‘‘අපි දෙකට බෙදුනොත් යූ ඇන් පී එක නිකම්ම දිනනවා කියලා මේ වෙනකොට මෛත්‍රීගේ පැත්තෙන් මිනිස්සු අතර මතයක් ගෙනියනවා. අපි මොනවා කතාකළත් අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තුළ පවා ඒ මතය මුල් බැහැගෙන තියෙනවා. මාත් එක්ක කතාකරපු අපේ හුග දෙනකුගෙන් ඔය අදහස කියැවුනා. අපේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් පවා මේ මතය නිසා අකර්මන්‍ය වෙලයි ඉන්නේ. ඒ හින්දා ඒ මතය මිනිස්සුන්ගේ ඔලූවලින් අයින් කරන්න වැඩපිළිවෙලක් හදන්න වෙයි.’’ අසංකගේ කතාවට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වූයේ මහින්ද නොව බැසිල්ය. සුපුරුදු පරිදිම දීර්ඝ විග්‍රහයක් කළ බැසිල් අනාගතයේදී වෙන් වෙන්ව තරග කරන්නට සිදුවුවද එජාපය පැරදවීමේ හැකියාව ඇති බවට මන්ත්‍රීවරුන් වෙත පැහැදිලි කළේ ගණන් හිලව් ඇතිවමය. පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ අදහස් උදහස් විවේචනවලට සාවධානව ඇහුම්කන් දුන් මහින්ද කතා කළේ අන්තිමටය. ‘‘ආණ්ඩුව මේ වෙනකොට හැමදේම අවුල් කරගනිමින් තමයි ඉන්නේ. දැන් දැක්කනේ ඊයේ පෙරේදා හාමුදුරුවරුන්ට නීති දාන්න කියලා පනතක් ගෙනාවා. ආණ්ඩුව එතැනදී වැඩේ සම්පූර්ණයෙන්ම වරද්ද ගත්තා. හාමුදුරුවරුන් සම්බන්ධව ආණ්ඩුවකට ඔය විදිහට කටයුතු කරන්න බැහැ. අනෙක් පැත්තෙන් පලාත් පාලන මැතිවරණය පුලූවන් තරම් කල් දාන්නයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. අපි පුලූවන් තරම් උත්සහ කරන්න ඕනෑ මැතිවරණය ඉක්මනින් පවත්වාගන්න. ඒ නිසා ඔබතුමාලත් පළාත් සභා මන්ත්‍රිවරුන් විදිහට පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වාගැනීම වෙනුවෙන් හෙඩ නගන්න. මැතිවරණේ පවත්වන්න කියලා බල කරලා මිසක් මේ ආණ්ඩුවෙන් නම් අපිට කවදාවත් මැතිවරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. පළාත් සභාවේ බලයත් අපිට තියෙන එකේ මැතිවරණය කඩිනමින් පවත්වන්න කියලා ඔයාලා එකතුවෙලා පළාත් සභාවට යෝජනාවක් දාන්න.’’ කළ යුතු දේ පිළිබදව මහින්ද විසින් මන්ත්‍රීවරුන් වෙත දීර්ඝ ලෙස පැහැදිලි කළේය. අලූත් පක්ෂයකින් තරග කිරීම ගැන මෙන්ම එම පක්ෂයේ නම සහ සලකුණ පිළිබදවත් වතාවක් දෙකක් සාකච්ඡාවට ඇදී ආ නමුත් ඒ පිළිබදව පුඵල් සාකච්ඡාවක් සිදු නොවිනි. අලූත් පක්ෂයකින් තරග කරන බවට ඉගි පළකිරීම විනා ඒ පිළිබද ස්ථිර අදහසක් මහින්දගෙන් මෙන්ම බැසිල් වෙතින්ද පළනොවීය. එබැවින් අදාල සාකච්ඡාව සැලකිය හැක්කේ අලූත් පක්ෂයක් බිහිකිරීම පිළිබදව පැවති සාකච්ඡාවකට වඩා වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අලූත් පක්ෂයක් බිහිකිරීම සදහා පෙර සූදානම් කර තැබීමට හෙවත් ස්ටෑන්ඞ් බයි කිරීම සදහා පැවැති සාකච්ඡාවක් ලෙසය.
සාකච්ඡාව නිමාවීමෙන් අනතුරුව ඊට සහභාගී වූ මහින්ද ඇතුලූ පිරිස වෙනුවෙන් ඩී. බී. ගේ නිවසේ දිවා ආහාරයද පිළියෙල වී තිබිණි. දිවා ආහාරයෙන් පසුව මහින්ද ඇතුලූ පිරිස පොල්පිතිගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඩබ්ලිව්. එම්. ජයවර්ධනගේ අවමගුල සදහා පිටත් වී යාමට නියමිතව තිබූ නමුත් එදින පස්වරුවේ මහින්ද සෙත් සාන්ති කර්මයක් සදහා සහභාගිවීමට නියමිතව තිබූ බැවින් මළගෙදර යාමේ වගකීම බැසිල්ට පැවැරූ මහින්ද ඩී. බී. ගේ නිවසේ නතර විය. ඒ අනුව මන්ත්‍රී ජයවර්ධනගේ අවමගුලට සහභාගිවීම සදහා බැසිල්, සාලින්ද, ජොන්ස්ටන්, සමන්ප්රිය, අසංක සහ කුමාර කීර්ති ඇතුලූ කණ්ඩායම ඞී. බී.ගේ නිවසින් පිටත් වූහ.
නයිලියේ ළමයි – මහින්දට බයයි !
එදින පස්වරුවේ මහින්ද කුරුණෑගල නයිලිය ප්‍රදේශයට පැමිණියේ පානීය ජල බෝතල් කිරීමේ කර්මාන්තශාලාවක් විවෘත කිරීමටය. මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට සුබ නැකැත යෙදී තිබුණේ ඊට පසු දිනයට වූ නමුත් එම කර්මාන්තශාලාව මහින්දගේ අතින්ම විවෘත කරවාගැනීමට අවශ්‍ය වූ නිසා විවෘත කිරීම පසුගිය සෙනසුරාදාටම යොදාගන්නට එහි හිමිකරු විසින් කටයුතු කර තිබිණි. පීත්ත පටිය කපා විවෘත කෙරුණු කර්මාන්ත ශාලාවේ කිරි ඉතිරවීම සදහා ලිප ගිනි දැල්වුනේද මහින්දගේ අතිනි. අනතුරුව කර්මාන්ත ශාලාව වටා නිරීක්ෂණ වටයක් ගිය මහින්ද අතින් එම භූමියේ පැලයක්ද සිටුවිනි. මහින්ද එන බව ආරංචි වී ගම්වාසින් පිරිසක්ද ඒ අවට රැස්ව සිටි අතර ඔවුන් වෙත ගිය මහින්ද ඇසුවේ ‘‘කොහොමද බඩු මිල එහෙම ’’ කියාය. ‘‘බඩු මිල නම් හොදයි සර්. හැබැයි ඒ කියන ගණන් වලට බඩු ගන්න නම් රනිල් මහත්තයාගේ කඩේටම යන්න වෙනවා. ’’ ගම්වාසීන් අතර සිටි අයෙක් කීය. ඊට මහ හඩින් සිනාසුනු මහින්ද පිරිස අතරේ සිටි කුඩා දරුවෙකු වඩා ගත්තේය. නමුත් දරුවා මහ හඩින් හඩා වැටෙන්නට වීම නිසා ඔහු මවගේ අතට ආපසු දුන් මහින්ද අනතුරුව ඊට මදක් ඔබ්බෙන් සිටි තවත් දරුවෙකු වඩාගෙන සුරතල් කරන්නට වූ අතර ඒ දරුවා නම් මහින්ද වෙත යහපත් ප්‍රතිචාරයක් දැක්වීය. ‘‘බලන්නකෝ මේ අයියා ඉන්න ලස්සන. ඔයා තමයි චෑස් ගාලා අඩන්නේ ’’ කියමින් පෙර දරුවාටද ඔච්චමක් කළ මහින්ද තමන් අතේ සුරතල් වෙමින් සිටි දරුවා මවට දී ආපසු යන්නට හැරෙනවාත් සමග එතැන සිටි මාධ්‍යවේදීහු මහින්ද වටකර ගත්හ. සුපුරුදු පරිදිම මහින්ද පසුපස දිවයමින් මාධ්‍යවේදීන් විසින් දිගින් දිගටම ප්‍රශ්න කළේ එදින උදෑසන පැවැති සාකච්ඡාව ගැනය. පුරුදු පරිදිම එම ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරක් නොදුන් මහින්ද තමන් හඹා එමින් ප්‍රශ්න කරන මාධ්‍යවේදීන්ගෙන් බේරිල්ලක් නැති නිසාදෝ ‘‘ඔය මදෑ ඉතිං ’’ යැයි කියමින් අඩියට දෙකට ගොස් වාහනයට ගොඩ විය. ව්‍යාපාරික ඩයස් රත්නායකගේ අස්වැද්දුමේ පිහිටි නිවසේ මහින්ද වෙනුවෙන් එදින රාත්‍රි භෝජන සංග්‍රහයක් සූදානම් වී තිබූ අතර මන්ත්‍රී සාලින්දත් ඊට සහභාගි වී සිටියේය. ඩයස් රත්නායකගේ රාත්‍රී භෝජන සංග්‍රහය සදහා මන්ත්‍රී ජොන්ස්ටන්ටත් ඇරයුම් ලැබී තිබූ නමුත් ජොන්ස්ටන්ගේ දියණියගේ උපන්දිනය එදිනට යෙදී තිබීම නිසා ජොන්ස්ටන් ඊට සහභාගි නොවී කොළඹ බලා පිටත් වී ගොස් තිබිණි. ඩයස් රත්නායකගේ නිවසේ පැය කිහිපයක් ගත කළ මහින්ද එදින කුරුණෑගල නවාතැන් ගත් අතර කොළඹ බලා පිටත් වී ගියේ ඊට පසුදිනය.
කිරිඇල්ලගේ කලිසමට සගරුවනේ විරෝධය
දොරටියාව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති නිකුළ ශ්‍රී ප්‍රඤ්ඤාසාර නාහිමියන්ට කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක පදවියේ සන්නස් පත්‍ර ප්රදානය කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයක් පසුගිය සෙනසුරාදා පැවැත්වුනේ දොරටියාව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදීය. එම උත්සවයට ගිහි ආරාධිතයින් ලෙස සහභාගී වී සිටියේ විශ්ව විද්‍යාල සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල ඇතුලූ පිරිසකි. නාහිමියන් පෙරහැරින් විහාරස්ථානය කරා වැඩමවීමෙන් අනතුරුව ඇමැති කිරිඇල්ලගේ අතින් අක්ත පත්‍රයත්, ඇමැති ටී. බී. ගේ අතින් විජිනිපතත් පිළිගැන්විනි. ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලට පස්වරු 4 ට උත්සවයෙන් පිටවී යන්නට අවශ්‍ය බව දන්වා තිබීම හේතුවෙන් උත්සව සභාව ආරම්භයේදීම කිරිඇල්ලට කතාවක් ලබාදීමට සංවිධායකයින් එහි විසින් කටයුතු කළහ. උත්සව සභාව ඇමැතූ කිරිඇල්ල සංඝයා වහන්සේට වැද නමස්කාර කර උත්සවයෙන් පිට වී ගිය අතර ඒ සමගම උත්සව භූමියේ රැස් වී සිටි ජනතාවද පිට වී යන්නට පටන් ගත්හ. මහින්දගේ අතින් නයිලියේ වතුර බෝතල් කම්හල ඇරඹීමට නියමිතව තිබුණේද ඉන් ටික වේලාවකට පසුව බැවින් උත්සවයට ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ද සිය මයික්‍රොෆෝන සහ කැමරා ආම්පන්න අකුලාගෙන උත්සව භූමියෙන් පිට වී ගියහ. ඇමැති කිරිඇල්ලගේ පිට වී යාමත් සමග උත්සවය වෙනස් මුහුණුවරකට හැරීම සගරුවනේ අප්‍රසාදයට හේතු වී තිබූ අතර ඉන් පසුව අනුශාසනාව පැවැත් වූ හිමි නමක විසින් ඒ පිළිබදව නොසතුටින් යුතුව වදාළහ. ‘‘භික්ෂූන් වහන්සේලා විදිහට අපි බොහෝම කැමැත්තෙන් හිටියේ මේ උත්සවයේ වැඩ ටික අපේ පුරාණ සිංහල කාලේ විදිහට වෙනවා දකින්න. අපේ නායක හාමුදුරුවන්ට අක්ත පත්රයයි, විජිනිපතයි පිළිගන්වන එක වුනත් ඒ විදිහට සිද්ධවෙයි කියලා අපි බලාපොරොත්තු වුනා. නමුත් අපේ ටී. බී. ඒකනායක ඇමැතිතුමා විතරයි ජාතික ඇදුමින් සැරසිලා ඒ කටයුත්ත නියමාකාරයෙන් සිද්ධ කළේ. කිරිඇල්ල ඇමැතිතුමා ගියා විතරයි දැන් මෙතන හිටපු මිනිස්සු ටිකත් යන්න තියාගත්තා.’’ උන්වහන්සේ කීහ. ඇමැති කිරිඇල්ල නාහිමියන් වෙත අක්ත පත්‍රය පිළිගන්වන්නට කලිසමකින් සැරසීගෙන පැමිණ සිටීම සංඝ රත්නයේ නොසතුටට හේතු වී ඇති බවට රැස් වී පිරිසට වැටහුණේ ඒ අනුශාසනාව ඇසෙන විටදීය.
දයාසිරියි යාපායි – පරිසරයට ඇවිලෙයි.
වසරකට ආසන්න කාලයකින් රැස් නොවූ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සම්මුතිවාදී ආණ්ඩුව යටතේ පළමුවරට රැුස්වුනේ පසුගිය බ්‍රහස්පතින්දාය. අඵ යට ගිනි පිටුවේ අනාවැකි යළිත් වතාවක් සැබෑ කරවමින් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති අසුන්වල පාර්ලිමේන්තු මන්ත්‍රී අලවතුවල සහ මහ ඇමැති ධර්මසිරි දසනායකට අමතරව ආපදා කළමනාකරන ඇමැති අනුර යාපාද වාඩි වී සිටියේය. අකිල විරාජ් , ටී. බී. ඒකනායක, ඉන්දික බණ්ඩාරනායක සහ ජයවික්‍රම පෙරේරා යන ඇමැතිවරුන් හැරුණු කොට ජාතික ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සාමාජිකයින් සියලූදෙනාම සම්බන්ධීකරණ කමිටුවෙහි අසුන්ගෙන සිටියහ. අඩුවකට පැවැතියේ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, සාලින්ද දිසානායක සහ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අඩුව පමණි. මහින්ද මෙන්ම මහින්දවාදීන් ලෙස නම් දරා සිටින සාලින්ද සහ ජොන්ස්ටන්ගේ පැමිනීම කවුරුන් හෝ බලාපොරොත්තු වූ දෙයක්ද නොවූ බැවින් ඒ අඩුවද එතරම් කැපී පෙනුනේ නැති. රැස්වීම ආරම්භයේදීම බිංගිරියේ ඉදිකිරීමට යන ක්‍රීඩා පිටියක් සම්බන්ධයෙන් දයාසිරි සහ අනුර යාපා අතර පටලැවිල්ලක් ඇති විය. ඊළගට දෙදෙනා යළිත් වතාවක් ඇවිලෙන්නට වූයේ වයඹ පරිසර අධිකාරිය සම්බන්ධයෙනි. මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පරිසර අධිකාරිය අතර කලක සිට පවතින ගැටුම පිළිබදව මතු වූ ගැටලූවකදී අදහස් දැක් වූ දයාසිරි කිව්වේ ‘‘ඕක ඉතිං මේ අපේ අනුර යාපා ඇමැතිතුමා අපිට ගෙනත් දාපු කරදරයක්නේ’’යනුවෙනි. දයාසිරිගේ කතාව යාපාට ඇල්ලූවේ නැති බැවින් ඔහුද ඊට පෙරළා උත්තර දුන්නේය. ‘‘මේ , මේ, ඔය ප්‍රශ්නේ ගැන ඔබතුමයි මමයි ඉන්නේ මත දෙකක. ඒක ඔබතුමා හොදටම දන්නවානේ. ඒ නිසා ඕක මෙතැනට ඇදගන්න එපා. ’’අනුර යාපා කීය. රැස්වීම තව ටිකක් ඉදිරියට ඇදී යද්දී ඉන්දික බණ්ඩාරනායකට ලෙඩක් ඇද්දේ දයාසිරිය. නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇමතූ දයාසිරි ඔවුන්ට සෘජුවම චෝදනා කළේය. ‘‘පහුගිය දවසක ඔයාලා බිංගිරියට ඇවිත් සිමෙන්ති බෙදලා ගිහිල්ලා. මම දන්නෙත් නෑ. මින් ඉදිරියට නම් ඒ වගේ වැඩ කරන්න ආවොත් මමත් නිකම් ඉන්නේ නෑ. ඔයාලගේ ඇමැතිතුමා බැරි නම් වෙන ඕනම කෙනෙක් ලවා සිමෙන්ති බෙදන්න. නමුත් ඒ ආසනේ ඉන්න මන්ත්‍රීවරයා හරි ආසන සංවිධායකවරයා හරි දැනුවත් කරන්න. ’’දයාසිරි දැඩි හඩින් කීවේය. ඒ සමගම නැගී සිටි නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ, මන්ත්‍රී නලින් බණ්ඩාර මෙන්ම වයඹ විපක්ෂ නායක ශමල්ද තම මැතිවරණ කොට්ඨාශවල සිදු වූ සිමෙන්ති බෙදිලි ගැන තමන්ට කිසිදු දැනුම්දීමක් නොලැබුණු බවට එක පෙළට චෝදනා කරන්නට වූහ. මේ කිසිවෙකුත් ඉන්දික බණ්ඩාරනායකගේ නම නොකියූ නමුත් නිවාස සංවර්ධන අධිකාරිය පිට දමා ප්‍රහාර එල්ල කළේ ඉන්දික බණ්ඩානායකට බව සභාවේ සිටි කාටත් වැටහිණි.
වසර පහකට පසුව – නාවින්න සම්බන්ධීකරණ කමිටුවට
සම්බන්ධීකරණ කමිටු රැස්වීම පුරාම වචනයක් හෝ කතා නොකළ නාවින්න කට ඇරියේ රැස්වීම නිමාවීමට විනාඩි කිහිපයක් ඉතිරිව තිබියදීය. ‘‘මම මේ අවුරුදු පහකට පස්සේ තමයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ආවේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමා අපිට නියෝග කළා සම්බන්ධීකරණ කමිටුව රැස්වීමට අනිවාර්යෙන්ම යන්න කියලා. ඒ අනුව තමයි අපි සියලූ දෙනාම අද මේකට සහභාගි වුනේ. ’’නාවින්න කීය. පසුගිය රජය සමයේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙහි මුල් පුටුව හෙබවූයේ මන්ත්‍රී ජොන්ස්ටන්වීම හේතුවෙන් නාවින්න සම්බන්ධීකරණ කමිටුව මගහැරීමේ පිළිවෙතක් පවත්වාගෙන ගිය බව සභාවේ සිටි අයටද සිහි වුනේ එවිටය.