Saturday, November 23, 2024

තෙලියගොන්නේ උද්ඝෝෂණයකින් කුරුණෑගල – මහනුවර මාර්ගය වැහෙයි !

Must read

කුරුණෑගල, තෙලියගොන්න හිස්බුල්ලා මධ්‍ය මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා එම තනතුරින් ඉවත්නොකරන ලෙසට බලකරමින් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සහ දෙමව්පියන් පිරිසක් කුරුණෑගල – මහනුවර මාර්ගය තෙලියගොන්න ප්‍රෙද්ශයේදී අවහිර කරමින් මේ වන විරෝධතාවයක යෙදී සිටිති.

මේ හේතුවෙන් එම මාර්ගයෙහි දැඩි වාහන තදබදයක්මේ වන විට ඇති වී ඇති අතර තෙලියගොන්න මග හැර වෙනත් විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා ඇතුලු පොලිසි නිලධාරින් විසින් මාර්ගය විවෘත කරගැනීම සදහා දැඩි උත්සාහයක යෙදී සිටින අතර සිසු සිසුවියන් මාර්ගය මත වාඩි වී සිටීම හේතුවෙන් එය අසාර්ථක වී තිබේ.

මාර්ගය විවෘත කරගැනීමට යාමේදී පොලිසිය සහ සිසුන් අතර මෙන්ම දෙමව්පියන් අතරද උණුසුම් තත්වයන් කිහිප විටකදීම හටගත් අතර මේ වන පොලිස් කැරළි මර්දන ඒකකයද තෙලියගොන්නට කැදවා තිබේ.

මෙම විරෝධතාවය පිළිබද වැඩිදුර තොරතුරු සහ ඡායාරෑප බලාපොරොත්තුවෙන් වයඹ ටුඩේ සමග රුදී සිටින්න.

theliyagonna1 theliyagonna2theliyagonna3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article