Saturday, November 23, 2024

මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට මාධ්‍ය ඇලජික් වෙයි.

Must read

ගල්ගමුව අධ්‍යාපන කලාපයට අයත් මැදගම, ජයබිම සිරි සුදස්සි විද්‍යාලයට ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලමින් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් සහ මව්පියන් පිරිසක් පාදෙණිය – අනුරාධපුර මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණක යෙදීම නිසා අද දහවල් පැය තුනකට අධික වේලාවක් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය.

සුදස්සි විද්‍යාලය ඉදිරිපිටදී ලී කොටන් යොදා පාදෙණිය – අනුරාධපුර මාර්ගය හරස් කළ මව්පියන් සුදස්සි විද්‍යාලයේ 2,3 සහ 4 වැනි ශ්‍රේණිවල ඉගැන්වීම් කටයුතු සදහා ප්‍රමාණවත් ගුරුවරුන් නැති බව කියමින් විරෝධතාවයේ යෙදුණහ. මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ නොසැලකිල්ල හේතුවෙන් අද වන විට සිරි සුදස්සි විද්‍යාලය වැසීයාමේ අවදානමක් මතු වී ඇති බවටද මව්පියන් මෙහිදී චෝදනා කළහ.

පොලිසියේ මැදිහත්වීම මත විරෝධතාවය පැවැති ස්ථානයට පැමිණි මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අරුණ ශාන්ත මහතා සහ ගල්ගමුව කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත දෙමව්පියන් විසින් සිය ගැටලුව පිළිබදව පැහැදිලි කළ නමුත් ඔවුන් විසින් මාධ්‍ය ඉදිරියේ ඊට විසදුමක් ලබාදීමට නොහැකි බව ප්‍රකාශකිරීම නිසා එම අවස්ථාවේදී උණුසුම් තත්වයන්ද ඇති විය. මව්පියන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඉදිරි සති දෙක තුළදී ගුරු හිගයට විසදුමක් ලබාදෙන බවට අධ්‍යාපන බලධාරීන් විසින් ප්‍රකාශ කිරීමත් සමග මව්පියන්ගේ විරෝධතාවයද අවසන් කෙරිණි.

මීගලෑව මානෙල් පී හේවගේ 

siri_sudassi1 siri_sudassi4 siri_sudassi3 siri_sudassi5 siri_sudassi2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article