හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද උදෑසන වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී. බී. හේරත් මහතාගේ වාරියපොල, එළවිටිගම පිහිටි නිවසේදී පැවැත් වී තිබේ.
මෙම සාකච්ඡාව සදහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී වී සිටීම විශේෂත්වයකි.
ඊට අමතරව මෙම සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු , සාලින්ද දිසානායක, සනත් නිශාන්ත පෙරේරා යන මහත්වරුන් මෙන්ම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතාද සහභාගී වී තිබේ.
වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි සහ වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් වන අසංක නවරත්න, සමන්ප්රිය හේරත්, ට්‍රේවින් ප්‍රනාන්දු, කුමාර කීර්ති චන්ද්‍රසිරි, ජොහාන් ප්‍රනාන්දු , ආනන්ද චන්ද්‍රලාල්, පාලිත රෝහණ ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරු පිරිසක් සහ මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වී ඇත.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරියේදී බිහිකෙරෙන බව කියන නෙලුම් මල් පොහොට්ටුව සංඛේත කර ගත් නව දේශපාලන පක්ෂය පිහිටුවීම සහ එහි ඉදිරි කටයුතු පිළිබදව මෙම සාකච්ඡාවේදී වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමග පුඵල් ලෙස සාකච්ඡා කර ඇති බව වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.