Saturday, November 23, 2024

දයාසිරිගේ, ටී. බී.ගේ, යාපාගේ සහ තාරනාත්ගේ විසිටින් කාඩ් ලොකු වෙයි.

Must read

kamituක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය තාරනාත් බස්නායක යන මහත්වරුන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිවරුන් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටිති. ඒ අනුව,

දයාසිරි ජයසේකර මහතා
පොල්ගහවෙල,
වීරඹුගෙදර,
රිදීගම,
බිංගිරිය,
උඩුබද්දාව,
පඩුවස්නුවර යන ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයෙකු ලෙසත්,

ටී. බී. ඒකනායක මහතා
අඹන්පොල,
පොල්පිතිගම,
මහව,
කොබෙයිගනේ,
කොටවෙහෙර ,
රස්නායකපුර,
නිකවැරටිය,
බමුණාකොටුව,
ගනේවත්ත,
ඉබ්බාගමුව,
මාවතගම යන ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයෙකු ලෙසත්,

අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා
කුලියාපිටිය බටහිර,
කුලියාපිටිය නැගෙනහිර,
මල්ලවපිටිය,
කුරුණෑගල,
මාස්පොත,
පන්නල,
අලව්ව,
නාරම්මල යන ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයෙකු ලෙසත්,

තාරනාත් බස්නායක මහතා
ඇහැටුවැව,
ගල්ගමුව,
ගිරිබාව,
කටුපොත,
වාරියපොළ යන ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයෙකු ලෙසත්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article