අද නිකුත් කෙරුණු උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව වාණිජ අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගැනීමට කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ එෆ්. එම්. අකීල් මොහොමඩ් සිසුවා සමත් වී ඇති අතර කලා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගැනීමට මලියදේව බාලිකා විද්‍යාලයේ ජීවා නයනමාලි සිසුවිය සමත් වී සිටිති.
කුරුණෑගල, පුත්තලම් පාරේ පදිංචිකරුවෙකු වන අකීල් මොහොමඩ් සිසුවා කුරුණෑගල රාජකීය විද්‍යාලයෙන් සහ රෝයල් ජාත්‍යන්තර පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව උසස්පෙළ හැදෑරීම සදහා මලියදේව විද්‍යාලයට ඇතුළත් වී තිබේ. එක් වැඩිමහල් සොහොයුරියක් සිටින අකීල් මොහොමඩ් සිසුවාගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව ගෘහණියක ලෙස කටයුතු කරන්නීය.
ඕගොඩපොළ, බෝයගනේ පදිංචි බෝයගනේ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව ජීවා නයනමාලි සිසුවිය උසස්පෙළ හැදෑරීම සදහා මලියදේව බාලිකා විද්‍යාලයට ඇතුළත් වී තිබේ. එක් වැඩිමහල් සොහොයුරෙක් සිටින ජීවා නයනමාලි සිසුවිය පියා වඩු කාර්මිකයෙකු ලෙස සේවය කරන අතර ඇගේ මවද ගෘහණියක ලෙස කටයුතු කරන්නීය.
ජීවා නයනමාලි සිසුවිය ඇගේ මව්පියන් සමග
ජීවා නයනමාලි සිසුවිය සහ මලියදේව බාලිකාවේ විදුහල්පතිනිය
අකීල් මොහොමඩ් සිසුවා