වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුළුව සහ සුහද හමුව ඊයේ (11 දා) රාත්රියේදී කුරුණෑගල බ්ලූස්කයි හෝටලයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් “වර්තමාන ආණ්ඩුවේ ගමන් මග සහ 2016 අයවැය ”යන මැයෙන් මෙවර වාර්ෂික සමුළුවේ ප්‍රධාන දේශණය පැවැත්වූ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද මෙම උත්සවයේ ප්‍රධාන අරාධිතයෙකු ලෙස ඊට සහභාගී වී සිටියේය.
ව්‍යාපාරිකයින්, බැංකු සහ කල්බදු සමාගම් ආයතනවල නියෝජිතයින් මෙන්ම කලාකරුවන් පිරිසක්ද මෙම සුහද හමුව සදහා සහභාගී වී සිටි අතර උත්සවය නර්තන සහ සංගීතමය අංග ගණනාවකින් අලංකාරවත් විය.
සුහද හමුව සදහා සහභාගී වී සිටි පිරිස අතරේ දිනුම් ඇදීම් කිහිපයක්ද පැවැති අතර ආරාධිත මැති ඇමැතිවරුන්ගේ අතින් ජයග්රාහකයින්ට ත්‍යාග පිරිනැමීම සිදුකෙරිණි.