මිය ගිය සහ ආබාධිත රණවිරුවන්ගේ ජීවිත ගොඩනැගීම වෙනුවෙන් වයඹ පළාත් සභාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි පසුගියදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී ප්‍රශ්න කළ වයඹ පළාත් සභා මන්ත්‍රී ආර්. එම්. එම්. රත්නායක මහතා ඒ සදහා රණවිරු දිනයේදී රණවිරු ස්මාරකය අසල උත්සවයක් සංවිධානය කිරීම පමණක් ප්‍රමාණවත්දැයි විමසා සිටියේය.
ආර්. එම්. එම්. රත්නායක මහතා මෙලෙස ප්‍රශ්න කර සිටියේ ඊයේ පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා වෙත ප්‍රශ්නයක් යොමුකරමිනි.
මන්ත්‍රීවරයා විසින් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් විසින් අසන ලද සම්පූර්ණ ප්රශ්නය මෙසේය.
”2009 වසරේදී අවසන් වූ බෙදුම්වාදී යුද්ධය නිසා ජිවිත පූජා කරන ලද රණවිරුවන්ගේ සංඛ්‍යාව 27000 ක් පමණ වන බවත්, ආබාධිත තත්වයට පත් වූ පිරිස 60000 ක් පමණ වන බවත් විවිධ ජනමාධ්‍ය වාර්තා කරයි. එයින් විශාල ප්‍රතිශතයක් වයඹ පළාත නියෝජනය කළ රණවිරුවන් බවද දැනගන්නට ඇත. මේ අනුව දැනට හමුදා සේවයේ යෙදී සිටින සංඛ්‍යාව වයඹ පළාත තුළ අතිවිශාල බවද පෙනී යයි.
1. පළාත් සභාවක් ලෙස ගත වූ වසර කිහිපය තුළ නැතහොත් 6 වැනි පළාත් සභාව ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා, මිය ගිය සහ ආබාධිත රණවිරුවන්ගේ ජීවිත ගොඩනැගීම වෙනුවෙන් වයඹ පළාත් සභාව ගත් සුවිශේෂ වූ ක්‍රියාමාර්ග මොනවාද ?
2. වසරේ රණවිරු දිනයේදී රණවිරු ස්මාරකය අසල උත්සවයක් සංවිධානය කිරීම පමණක් මේ සදහා සෑහේද ?
3. පවුලක ප්‍රධානියා හෝ පවුලේ සාමාජිකයෙකු එම පවුලට අහිමි වූ විටෙක හෝ ආබාධිත තත්වයට පත් වූ විටෙක ඔවුන්ගෙන් රැකවරණය ලබන පිරිසට ඇතිවන පාඩුව කොතෙක්දැයි තේරුම්ගැනීම අසීරු නොවන අතර ඔවුන් ජීවත්කරවීම සදහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම මෙම සභාවේ වගකීමක් නොවන්නේද ?
4. මෙම ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මධ්‍යම රජයෙන් ඉදිකර දී ඇති ඉබ්බාගමුව, පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි රණවිරු ගම්මානයේ පවතින අඩුපාඩුකම් සපුරාදීමට පළාත් සභාව විසින් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද ?
5. මෙම රණවිරුවන්ගේ පවුල්වල දරුවන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන්, වගකිවයුතු පළාතේ මහජන නියෝජිත ආයතනයක් වශයෙන් වයඹ පළාත් සභාව ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද ? ”
අදාළ ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සදහා වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් මාසයක කාලයක් ඉල්ලා සිටියේය.