සියලු සුදුසුකම් සපුරා තිබියදීත් හලාවත ආනන්ද ජාතික පාසලට ඇතුළත් කර නොගත් බව කියන දරුවෙකු අද එම දරුවාගේ මව්පියන් විසින් බලහත්කාරයෙන් එම පාසලේ පන්ති කාමරයක වැඩි කරවා තිබේ.
හලාවත ආනන්ද ජාතික පාසලෙ පළමුවැනි ශ්‍රේණියෙහි පන්තියක අද දිනයේදී එලෙස වාඩිකරවනු ලැබුවේ ශානිල් පෙරේරා නැමැති දරවෙකි.
හලාවත ආනන්ද ජාතික පාසලේ සිට මීටර් සියයක දුරින් ස්ථිර පදිංචිය ඇති තම දරුවා මාස එකොළහක් තිස්සේ එම විද්‍යාලයට ඇතුළත් කර නොගැනීම පිළිබදව විරෝධය දක්වමින් මෙම දරුවාගේ මව වන නිර්මලී පෙරේරා මහත්මිය මෙම දරුවාද සමග අවස්ථා කිහිපයකදීම ආනන්ද ජාතික පාසල ඉදිරිපිටදී උපවාසයක යෙදුණාය.
පන්ති කාමරයේ වාඩි කර වූ දරුවා පාසල වේලාව නිම වන තෙක්ම කිසිවෙකුගේ බාධාකිරීමකින් තොරව පන්ති කාමරයෙහි වාඩි වී සිට තිබේ. පාසල නිමවීමෙන් පසුව අදාළ දරුවා ගුරුවරුන් පිරිසක් විසින් රදවාගැනීම හේතුවෙන් පාසල ඉදිරිපිට කලබලකාරී තත්වයක් ඇති වූ නමුත් ආරක්ෂක නිලධාරිනියක විසින් දරුවා පාසලෙන් පිටතට රැගෙනවිත් මවට භාරදීමෙන් පසුව සිද්ධිය සමථයකට පත් විය.
දරුවා හෙට දිනයේදීත් පාසල් එවන බව ඔහුගේ මව වන නිර්මලී පෙරේරා මහත්මිය කියන්නීය.