Saturday, November 23, 2024

දුම් සහතිකයට වැඩිකළ 5000 ගෙවන්න වෙන්නේ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලවලටලු !

Must read

BUP_DFT_DFT-20-17දුම් පරික්ෂාව සඳහා මෙවර අයවැයෙන් වැඩි කළ රුපියල් 5000ක ගාස්තුව ගෙවිය යුත්තේ කළේ ගෙවිය යුත්තේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානවලට නොවන බවත්, එම මුදල ආදායම් බලපත්‍රය ලබාගන්නා අවස්ථාවේදී අදාළ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය විසින් අයකරගැනීමට නියමිත බවත් ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එම්. වෑගපිටිය මහතා පවසයි.

දුම් සහතික නිකුත් කරනු ලබන ආයතන විසින් ඒ සඳහා අයකළ ගාස්තුවෙහි කිසිදු වෙනසක් සිදුවී නොමැති බවද වෑගපිටිය මහතා වැඩිදුරටත් පවසයි.

රථවාහනවල දුම් පරීක්ෂාව සඳහා අයකරනු ලබන මුදල මෙවර අයවැයෙන් රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීමෙන් ලැබෙන ලාභය දුම් සහතික නිකුත්කරන ආයතනවලට හිමිවන බවට ජනතාව අතර පවතින මතය සත්‍යතාවෙන් තොර බවද , දුම් සහතිකය නිකුත් කරන ආයතන විසින් ඒ සදහා අයකරනු ලබන ගාස්තුව වසර කිහිපයකින් සංශෝධනය වී නොමැති බවද ඒ මහතා පැවැසීය.

ඒ අනුව දුම් පරීක්ෂණයකදී පාරිභෝගිකයන් විසින් ගෙවිය යුත්තේ මෙතෙක් දුම් පරීක්ෂාව සඳහා අය කළ මුදල පමණි.

( ලක්බිම ඇසුරෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article