කුරුණෑගල – පුත්තලම මාර්ගයේ සාරගම ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදු වූ අනතුරකින් කුරුණෑගල මලියදේව විද්‍යාලයීය රගර් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ රුක්මාල් ඉන්දික දලුවත්ත මහතා ජීවිතක්ෂයට පත් විය.
අද පස්වරු 3 ට පමණ සාරගම වැව අසලදී , මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පොලිස් ජීප් රථයකට යටවීම නිසා දලුවත්ත මහතා ජීවිතක්ෂයට පත් වු අතර ඔහු මිය යන විට 31 හැවිරිදි වියෙහි පසුවිය.
ඉන්දික දලුවත්ත මහතා මෙම අනතුරට ලක් වී ඇත්තේ තිත්තවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට කුරුණෑගල නගරය බලා යතුරු පැදියක නැගී එමින් සිටියදීය. සාරගම වැව අයිනේ නවතා තිබූ වාහනයක දොරක් එහි රියදුරා විසින් එක්වරම විවෘත කිරීම නිසා එම දොරේ වැදුණු දලුවත්ත මහතා මාර්ගය මැද ඇද වැටුණු බවත්, එවිටම පසුපසින් පැමිණ ඇති පොලිස් ජීප් රථයට ඔහු යට වී ඇති බවත් වාර්තා වෙයි.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඉන්දික දලුවත්ත මහතා පාසල් සමයේදී රගර් සහ මලල ක්‍රීඩාවන්හි දක්ෂයෙකු ලෙස ප්රකටව සිටියේය. 2003 වසරේ මලියදේව විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකත්වයද හෙබ වූ රුක්මාල් ඉන්දික දලුවත්ත මහතා මලියදේව විද්‍යාලීය වර්ණලාභියෙකුද වෙයි.