නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගෙන් මුදල් චංචා කළ බවට පසුගිය කාලයේ චෝදනා එල්ල වූ ඩී. කේ. උදයසිරි නමැත්තාට අයත් හෙට්ටිපොළ ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසක් පසුගිය රජය සමයේදී සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මිලදී ගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (04 දා ) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ඒ මහතා මේ බව අනාවරණය කළේ ඊයේ පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේදී කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමිනි.
එහිදී අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.
”ඒ වගේම සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාව. ඒකේ සල්ලිවලින් ගෙවල් ගන්නවා. හෙට්ටිපොළ පැත්තේ ඉන්නවා අර හොර බොරු ව්‍යාපාර පවත්වාගෙන ගියපු සක්විති වර්ගයේ මිනිහෙක්. මිනිස්සුන්ට සල්ලි දෙන්න බැරුව ඒ හාදයා කඩාවැටුණා. උදයසිරි. අවමංගල උදයසිරි. මංගල උදයසිරි. කඩාවැටුණා. කඩාවැටුණාට පස්සේ මොකද කරන්නේ ? හෙට්ටිපොළ තියෙන එයාගේ ගේ ගන්නවා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට. නාවින්න ඇමැතිතුමා මෙයාව දන්නවා. අර මංගල සේවාවක් එහෙම පවත්වාගෙන ගිය උදයසිරි. කිරිබත්ගොඩත් ශාඛාවක් තිබුණා. කුරුණෑගලත් තිබුණා. උදයසිරි බංකොළොත් වුණා. මිනිස්සුන්ට සල්ලි දෙන්න බැරුව ගියා. ඊට පස්සේ නඩු ගියා. උසාවියේ හිර වුණා. මිනිහා ගෙයක් හදලා තිබුණා මාළිගාවක් වගේ එකක් හෙට්ටිපොළ. හෙට්ටිපොළ තිබුණු ගෙට මොකද කළේ ? ගේ මිලදී ගන්නවා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්. හෙට්ටිපොළ ගෙයක් මොකටද සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට ? මේ විදිහට නුවර පැත්තේ ගෙවල් මිලදී ගත්තා. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණනක් මහජනයාගේ තමන්ගේ හිතවතුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වැය කළා. තමුන්නාන්සේලා මේවා ගැන කරලා තියෙන පරීක්ෂණ මොනවාද ? ”
අනුර කුමාර දිසානායක මහතා විසින් පැයකට අධික කාලයක් තිස්සේ ප්‍රකාශයක් කරමින් වංචා දූෂණ සම්බන්ධ පරීක්ෂණ කටයුතු බලපෑම්වලින් තොරව සාධාරණ ලෙස සිදුවිය යුතු බවත් ඒවාට සම්බන්ධ වරදකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පැවැසීය.
කෙසේ නමුත් මෙම හෙළිදරව් කිරීමේදී අනුර කුමාර දිසානායක මහතාට සුඵ අතපසුවීමක් සිදු වී ඇති අතර අදාළ නිවස පිහිටා ඇත්තේ හෙට්ටිපොළ ප්‍රදේශයේ නොව කටුපොත – මූණමල්දෙණිය මාර්ගයේ මොරගනේ, අලංකාරය ප්‍රදේශයේ බව අප කළ සොයාබැලීමකදී අනාවරණය කර ගත හැකි විය. කෙසේ වෙතත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මිලදී ගත් බව කියන මෙම සුවිසල් නිවස මේ වන විට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති බවද අප වෙත වැඩිදුරටත් වාර්තා වෙයි.
මීට වසර කිහිපයකට පෙර මින්දද නමින් මංගල සේවා ව්‍යාපාරයක් , විදේශ අධ්‍යාපන සහ සංචාර ආයතනයක් ඇතුඵ ව්‍යාපාර ගණනාවක් පවත්වාගෙන ගිය ඩී. කේ. උදයසිරි නමැත්තාට පසුගිය කාලයේ මූල්‍ය චංචා චෝදනා එල්ලවීමත් සමග ඔහුගේ ව්‍යාපාරයන්ද කඩාවැටීමට ලක් විය.
සිය ව්‍යාපාර බංකොළොත් තත්වයට පත්වීමෙන් පසුව සමාජය ඉදිරියේ වැඩිපුර පෙනී නොසිටි ඩී. කේ. උදයසිරි පසුගිය වයඹ පළාත් සභා මැතිවරණය සමයේ යළිත් කළ එළි බැස සිටිනු දැක ගත හැකි විය. එම මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණු ජොහාන් ප්‍රනාන්දු මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මුල්පෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස ඩී. කේ. උදයසිරි එකල ප්‍රසිද්ධියේ පෙනී සිටි අයුරු දැක ගත හැකි විය. ජොහාන් ප්‍රනාන්දු මහතාගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන පෙළේ කථිකයෙකුද වූ උදයසිරි ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩි බරක් කරට ගෙන ක්‍රියා කළ ආකාරයක් එම දිනවලදී දැක ගත හැකි විය.
පසුගිය රජයේ සමූපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජොහාන් ප්‍රනාන්දු මහතාගේ පියා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාය.