Saturday, November 16, 2024

විදුහල්පතිවරයෙකුගේ පැමිණිල්ලකට හය හැවිරිදි දරුවෙක් පොලිසි කැදවලා !

Must read

විදුහල්පතිවරයෙකුගේ පැමිණිල්ලක් මත හය හැවිරිදි දරුවෙකු පොලිසි කැදවා තිබූ ශෝචනීය අවස්ථාවක් ඊයේ (03 ද) හලාවත පොලිසියේදී දැක ගත හැකි විය.

හලාවත ආනන්ද ජාතික පාසලේ නිල ඇදුමට සමාන ඇදුමකින් සැරසී විදුහල ඉදිරිපිට උපවාස කිරීම නිසා විදුහලට අපහාසයක් වූ බව කියමින් එහි විදුහල්පතිවරයා විසින් හලාවත පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව ඊයේ උදෑසන හලාවත පොලිසියට කැදවා තිබුණේ ශානිල් පෙරේරා නැමැති හය හැවිරිදි දරුවෙකි. තම දරුවා පාසලට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් හලාවත ආනන්ද ජාතික පාසල ඉදිරිපිටදී පෙරේදා උපවාසයක යෙදුණු ශානිල් පෙරේරා දරුවාගේ මව වන නිර්මලී පෙරේරා මහත්මියද ඊයේ හලාවත පොලිසිය වෙත කැදවා තිබිණි.

හලාවත ආනන්ද ජාතික පාසලේ සිට මීටර් සියයක දුරින් ස්ථිර පදිංචිය ඇති තම දරුවා මාස එකොළහක් තිස්සේ එම විද්‍යාලයට ඇතුළත් කර නොගැනීම පිළිබදව විරෝධය දක්වමින් නිර්මලී පෙරේරා මහත්මිය සහ ඇගේ දරුවාද සමග ආනන්ද පාසල ඉදිරිපිටදී පෙරේදා (02 දා) උපවාසයක යෙදුණාය. තමන් සහ තම සැමියාද ආනන්ද ජාතික පාසලේ ආදි ශිෂ්‍යයින් බවත්, මෙම දරුවාගේ සහෝදරයන් දෙදෙනෙකු මේ වන විට ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලබමින් සිටින බවත් නිර්මලී පෙරේරා මහත්මිය එහිදී කීවාය.

පාසලේ සිට කිලෝ මිටර් ගණනාවක් දුරින් සිටින දරුවන් පවා ආනන්ද ජාතික පාසලට ඇතුලත් කර ගෙන ඇති බවත්, නිවසේ සහ ඉල්ලුම් කරන පාසල අතර තවත් පාසල් පිහිටා තිබීම සම්මුඛ පරීක්ෂණවලදී ලකුණු අඩුවීමට හේතුවක් වුවත් ආනන්ද ජාතික පාසලේ වත්මන් විදුහල්පතිවරයා විසින් තම හිතවතුන්ගේ දරුවන් වෙනුවෙන් එවැනි නීති රීති නොසලකා කටයුතු කර ඇතැයිද නිර්මලී පෙරේරා මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ආනන්ද ජාතික පාසල ඉදිරිපිට පදිංචි තම දරුවාට මාස එකොළහක් පාසලක් නොලැබීම පිලිබදව වගකියන්නේ කවුදැයි ඊයේ හලාවත පොලිසියේදී පැවැති පැමිණිලි විභාගයේදී නිර්මලී පෙරේරා මහත්මිය විසින් ප්‍රශ්න කර තිබේ. තමාට ඒ පිළිබද වගකීම භාර ගැනීමට නොහැකි බව එහිදී විදුහල්පතිවරයා ප්‍රකාශ කර ඇත .

නිර්මලී පෙරේරා මහත්මිය විසින් නගන චෝදනා පිළිබදව හලාවත ආනන්ද ජාතික පාසලේ විදුහල්පතිවරයාගෙන් කරුණු විමසීමට වයඹ ටුඩේ වෙබ් අඩවිය විසින් උත්සාහ කළ නමුත් ඔහු ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළැකී සිටියේය.

අදාළ ප්‍රවෘත්තිය වාර්තා කිරීම නිසා විදුහලට අපහාසයක් වූ බව පවසමින් අදාළ ප්‍රවෘත්තිය වාර්තා කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ නම්ද අදාළ පැමිණිල්ලට ඇතුලත් කර ඇති නමුත් මාධ්‍යවේදීන් පොලිසි කැදවීමට පොලිසිය විසින් කටයුතු කර නොතිබිණි.

ශානිල් පෙරේරා දරුවා හලාවත පොලිසියට කැදවා සිටියදීchilaw_ananda1

පැමිණිලි විභාගය නිම කළ ආනන්ද ජාතික පාසලේ විදුහල්පතිවරයා පොලිසියෙන් නික්ම යයි.chilaw_ananda2 chilaw_ananda3

නිර්මලී පෙරේරා මහත්මිය ඇගේ දරුවාද සමග ආනන්ද ජාතික පාසල ඉදිරිපිටදී උපවාසයක යෙදුණු අයුරුchilaw_ananda4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article