කලාඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබේ.
මේ දිනවල ලැබෙන අධික වැසි හේතුවෙන් රාජාංගන ජලාශය පිටාර මට්ටමට ළගාවීම නිසා අද පෙරවරු 7 වන විට එහි වාන් දොරටු දොළහක් හදිසියේ විවෘත කිරීම මීට හේතු වී තිබේ.
රාජාංගන ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 08 බැගින්ද, වාන් දොරටු 02 ක් අඩි 06 බැගින්ද,වාන් දොරටු 02 ක් අඩි 04 බැගින් සහ වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් විවෘත කිරිමට ජලාශය භාර ඉංජිනේරුවන් විසින් මේ වන විට කටයුතු කර තිබේ. එලෙස විවෘත කෙරුණු වාන් දොරටුවලින් තත්පරයට ඝන අඩි 19,060 ක් ජල ධාරිතාවයක් කලාඔයට එකතු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තු කියයි.
මේ තත්ත්වය හේතුවෙන් කලාඔයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවත්, කලාඔය පහල ප්‍රදේශයේ පිහිටි පරණ එළුවන්කුලම , ගගේ වාඩිය ආදී ගම්මාන වල පදිංචිකරුවන්ට මේ වන විට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවත් පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය කියයි. අවශ්‍යතාවයක් වුවහොත් ඔවුන් ආරක්ෂිත ස්ථානයන් වෙත යැවීම සදහා කටයුතු කරන බවත් පුත්තලම ආපදා කළමණාකරන ඒකකය වැඩිදුරටත් කියයි.
මීට අමතරව දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05 ක්ද අද උදෑසන වන විට විවෘත කර තිබේ. එම වාන් ජලය දැදුරුඔයට මුදා හරින බැවින් දැදුරු ඔය පහළ කොටසේ එනම් හලාවත සහ පල්ලම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවල පදිංචිකරුවන් අවධානයෙන් පසුවිය යුතු බවද ආපදා කළමණාකරණ ඒකකය සදහන් කරයි.
පුත්තලම – නලින් හෙන්දුරුගොඩ
පුත්තලම – මන්නාරම් මාර්ගයේ එළුවන්කුළම ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අයුරු