පසුගිය සිකුරාදා කුඹුරකට බැස සී සෑමට එක් වී සිටි වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අද (28 දා) කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි කාණු පිරිසිදු කිරීම සදහා සිය ශ්‍රම දායකත්වය ලබාදුන්නේය.
මහ ඇමැතිවරයා විසින් කාණු පිරිසිදු කිරීම සදහා සිය ශ්‍රම දායකත්වය මෙලෙස ලබා දුන්නේ අද පෙරවරුවේ කුරුණෑගල නගරයේදී ආරම්භ වූ නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනකදීය.
ධර්මසිරි දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහනේදී මහ නගර සභා සේවකයින් විසින් කුරුණෑගල නගරයේ ප්‍රධාන කාණු පද්ධතිය පිරිසිදු කරන ආකාරය නිරීක්ෂණය කළ ධර්මසිරි දසනායක මහතා එම කාණුවලින් ගොඩට දැමූ කුණු කසල ට්‍රැක්ටර්වලට පිරවීම සදහා නගර සභා සේවකයින් වෙත සහය විය.
අනතුරුව වයඹ ප්‍රධාන අමාත්‍යවරයා කුරුණෑගල බස් නැවතුම්පොළ සහ නගරයේ තවත් ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවකද යෙදුණේය. මෙම අවස්ථාවට පිරිසක් කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ මහතා ඇතුඵ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සහ කුරුණෑගල මහ නගර සභාවේ නිලධාරීහු පිරිසක්ද සහභාගි වී සිටියහ.