වෙළද බලපත්‍ර රහිතව සෞඛ්‍යට අහිතකර අයුරින් ආහාර නිෂ්පාදන ස්ථානයක් ( මුඵතැන්ගෙයක් ) පවත්වාගෙන ගිය හෝටල් හිමියෙකුට රුපියල් දස දහසක දඩ මුදලක් ගෙවන ලෙසට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළේය.
මෙලෙස දඩ මුදල් නියම කෙරුණේ කුරුණෑගල, අලකොලදෙණිය ප්‍රදේශයේ මුඵතැන්ගෙයක් පවත්වානෙ ගිය ජී. රත්නසිරි නැමැත්තෙකුටය.
පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ කරුණු දැක් වූ බමුණාවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික්‍රම මහතා, වැටලීම සිදුකරන අවස්ථාව වන විට මෙම මුඵතැන්ගෙය ඉතාම අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන යමින් තිබූ බවටත්, ආහාර පිළියෙල කරන ස්ථානයක පැවැතිය යුතු අවම සුදුසුකම්වත් එහිදී දක්නට නොතිබූ බවද පැවසීය. මෙම ස්ථානයේ තිබූ වැසිකිළි සහ
කාණු කිසිදු ආවරණයකින් තොරව පැවැති බවත්, එම වැසිකිළිවල සහ කාණුවල වසන මැස්සන් සකස්කර තිබූ ආහාරපානවලද වසමින් සිටි බවද පැවසීය. මෙම මුඵතැන්ගෙහි සේවය කළ සේවකයින් කෙදිනක හෝ වෛද්‍ය පරීක්ෂණයකට ලක් නොවී ඇති අතර ඉතාමත් අපිරිසිදුව ආහාරපාන සකස් කරමින් සිටි බවද හෙතෙම අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මෙම ස්ථානයේදී සකස් කළ අවසන් කළ ආහාර කිසිදු සැලකිල්ලකින් තොරව බිම දමා තිබූ බවත්, වසරේ මුල් කාර්තුව තුළදී ප්‍රදේශයේ පළාත්පාලන ආයතනය වෙතින් ලබාගත යුතු වෙළද බලපත්‍රය ලබාගැනීම මෙම හෝටල්හිමියා විසින් හිතාමතාම පැහැරහැර තිබූ බවද අමරවික්‍රම මහතා කීය. මෙම ස්ථානයේදී සකස්කරන ආහාර කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ පිහිටි ‘ඉසුරි බත් කඩේ’ නැමැති ස්ථානයට ගෙන ගොස් අලෙවිකරන බවත්, නගරයේ විශාල පිරිසක් එම ස්ථානයෙන් ආහාර ගැනීමට පැමිණෙන බවට වාර්තා වී ඇති බවටත්, දැඩි අපිරිසිදු තත්වයෙන් සකස්කරන මෙම ආහාර ගන්නා පුද්ගලයින් රෝගීවීමට ඇති ඉඩ කඩ පිළිබදව සලකාබලා අදාළ වැටලීම සිදු කළ බවද අමරවික්‍රම මහතා වැඩිදුරටත් කීය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඉහත දඩ මුදල ගෙවීමට අමතරව, 1980 අංක 26 දරණ ආහාර පනතේ සදහන් කොන්දේසි 24 කට අනුව මාසයක කාලයක් ඇතුළතදී අදාළ ආහාර නිෂ්පාදන ආයතනය සෞඛ්යාරක්ෂිත ලෙස සකස්කර අධිකරණය වෙත වාර්තා කරන ලෙසටද විත්තිකාර හෝටල් හිමියා වෙත නියෝග කළේය. එලෙස කිරීමට අපොහොසත්වන්නේ නම් මෙම ස්ථානය වසාදැමීමට නියෝගයක් නිකුත් කරන බවටද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකරුට තරයේ අවවාද කළේය.
කුරුණෑගල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අශෝක පද්මකුමාර මහතාගේ උපදෙස් මත, බමුණාවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික්‍රම විසින් සැකකාර හෝටල් හිමියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.