වෙන්නප්පුව , කඩවත ප්‍රදේශය නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි සිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සහ ඒ අසල වැතිරී නිදගෙන සිටි ඔහුගේ ප්‍රත්‍රයෙකු බව කියන අයෙකු ඊයේ ( 18 ) සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මෙලෙස තම නිවස තුළම මියගොස් සිටියේ කඩවත, හෙලන් මාවතේ පදිංචි වර්ණකුලසූරිය මහමණ්ඩිලාගේ ෆ්‍රැන්සි චාලිස් නැමති 81 හැවිරිදි පුද්ගලයෙකි. එමෙන්ම එම ස්ථානයේ වැතිරී නිදා සිටියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවේ මියගිය පුද්ගලයාගේ පුත්‍රයෙකු බව කියන වර්ණකුලසූරිය ජෝශප් එම්මානුවෙල් 53 නැමති අයෙකු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම පිය පුතු යුවළ කාලයක් තිස්සේ මෙම නිවස තුළ තනිව ජීවත් වූ බවත් , අසල්වාසීන් සමග කිසිදු සම්බන්ධතාවයක් නොපැවැත් වූ බවත් ප්රදේශවාසිහු කියති. මෙම 53 හැවිරිදි පුත්‍රයා යම් මානසික ආබාධයකින්පෙළෙමින් සිටි අයෙකු නමුත් තම වියපත් පියාට නිවසින් පිටතට යාමට ඉඩ නොදී ඉතා ආදරයෙන් සිටි රැකබලාගත් බවත් ප්රදේශවාසිහු වැඩිදුරටත් පැවසූහ.
මෙම නිවසෙහි හුදෙකලාව ජීවත් වු පියා හා පුතා දින කිහිපයක් තිස්සේ දකින්නට නොලැබීම පිළිබදව විමසිලිමත් වූ ප්‍රදේශවාසින් විසින් ඒ පිළිබදව පොලිසියට කළ දැනුම්දීමක් මත පොලිසිය විසින් එම නිවසේ දොරවල් හැර පරික්ෂා කිරීමේදී පියාගේ මළ සිරුර සහ ඒ අසල වැතිරී සිටි පුත්‍රයාව සොයාගෙන තිබේ.
මළ සිරුර සොයාගන්නා අවස්ථාව වන විට මියගිය තැනැත්තාගේ සිරුර සම්පූර්ණයෙන්ම නිරුවත්ව තිබූ බව පොලිසිය කීය. ඒ අවස්ථාව වන විට ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවූ බව කියන පුත්‍රයා මාරවිල රෝහලට ඇතුළත් කර ඇති බවත්, මෙම මරණය සිදු වි ඇති ආකාරය තවමත් අභිරහසක් බැවින් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සදහා මෘත ශරිරය මාරවිල රෝහල් මෘත ශරිරාගාරය වෙත යැවූ බවද පොලිසිය කියයි.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු