Wednesday, March 12, 2025

බන්ඩිරිප්පුවේ වෙන්දේසිකළ නීති විරෝධී ඉඩමක් නිසා ගැණුම්කරුවන් අමාරුවේ

Must read

කට්ටිකර විකුණා ඇති බන්ඩිරිප්පුව ප්‍රදේශයේ ‘ගොරකා ගහවත්ත’ නම් ඉඩම මීට අවුරුදු කීපයකට පෙර කොටස් කර විකුණා ඇති අතර මෙම ඉඩම විකුණා ඇත්තේ අදාළ ඉඩමට සැපයිය යුතු පහසුකම් ලබාදීමෙන් තොරවය. මෙම ඉඩමේ කොටස් මිළදී ගත් පුද්ගලයින් හට ඒම ඉඩමේ මැදින් නිසියාකාරව පාරක් තනා නොමැති අතර වෙන්ප්පුව ප්‍රාදේශීය සභාව ඇතුළු අදාළ ආයතන වලින් නිසි අවසරයක් ලබානොගෙන මෙම ඉඩම් කොටස් විකුණා තිබේ. මෙම ඉඩමේ කොටස් මිළදී ඇති ගැණුම්කරුවන්හට විදුලිය ලබාගැනීම සදහාද අවශ්‍ය මූලික යටිතල පහසුකම් අයිතිකරු විසින් සපයා දී නොමැති නිසා මෙහි පදිංචි වී සිටින පවුල් කීපයකට විදුලි පහසුකම් සපයා ගැනිමට නොහැකිව මහත් පීඩාවට පත්ව ඇත. මෙම නිවෙස් වල අධ්‍යාපනය ලබන දරුවන්ද සිටින අතර විදුලි පහසුකම් නොමැතිව ඔවුන් මහත් දුෂ්කරතා වල මුහුණ දෙති. පහත්බිමක් වන මෙම ඉඩම නිසි ලෙස පස්පුරවා සකස්කර නොමැති අතර වර්ෂා කාලයට මෙම ඉඩම ගංවතුරෙන් යටවේ.

මෙම ඉඩම නිති විරෝධී ලෙස කට්ටිකර විකිණීම සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව විසින් මෙම ඉඩම කොටස්කර විකිණූ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන තිබේ.

මෙම ඉඩම් කොටස් මිළදී ගෙන ඒහි පදිංචිව සිටින පවුල් වල සාමාජිකයින් විසින් වෙන්දේසිකරු හමුවී මෙම ප්‍රහ්නය නිරාකරනය කරදෙන ලෙස ඉල්ලූ විට ඔහු ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ නමක් සදහන් කරමින් කියා ඇත්තේ ඔහුව හමුවන ලෙසයි. ඉඩම් වෙන්දේසිකරුවන් විසින් පසුගිය කාලය පුරාම ප්‍රා.සභාවල සභාපතිවරු ඇතුළු දේශපාලකයින්ගේ රැකවරණ මැද ඉඩම් වෙන්දේසි කරමින් විවිධ වංචාවල නිරතවූ අතර මෙම ගොරකගහවත්ත ඉඩමේ නීතිවිරෝධී වෙන්දේසි කිරීම පිටුපසද ප්‍රදේශයේ දේශපාලකයෙකු සිටියි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article