Wednesday, February 26, 2025

බාල වයස්කාර දැරිවිය දූෂණය කොට ඉතාලියට පැන ගිය සැකකරු නාපෝලියේදී අත්අඩංගුවට

Must read

ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් වරදකරුවෙකු කරන ලද ශ්‍රී ලාංකිකයෙකුව ඉතාලි නාපෝලි නගරයේ ප්‍රාන්ත පොලිසිය විසින් ඊයේ 25 දා අත් අඬංගුවට ගෙන ඇත. එම අපරාධයට ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් පනවන ලද උපරිම දඩුවම ලබා දීමෙන් පසු, ඔහු ශ්‍රී ලංකාවෙන් ඔහු ඉතාලියට පලාගොස් සිට ඇත. මෙම පුද්ගලයා නාපෝලියට පලාගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16 ක බාලවයස්කාර දැරියක් දූෂණයට ලක්කිරීමෙන් පසුව ඒ් සම්බන්ධයෙන් වරදකරු කර දඩුවම් ලබාදීමෙන් පසුවය.

   ආගමන විගමන කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරන ලද දැනුම්දීම නිසා පරීක්ෂා කිරීම් වලින් පසුව, Naples Flying Squad හි පොලිස් භටයින් San Carlo all'Arena දිස්ත්‍රික්කයේ නිවසක සිටි ශ්‍රී ලාංකික පුද්ගලයා අත් අඬංගුවට ගෙන Poggioreale හි බන්ධනාගාරයට ගෙන යන ලදී.

එමිල් රෝහන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article