Thursday, December 5, 2024

දේශපාලන බලය යොදවා අනුන්ගේ ඉඩම් වල වැලි කැපු අශෝක ප්‍රියන්ත ?

Must read

නාත්තන්ඩිය ප්‍රෙද්ශයේ වෙනත් පුද්ගලයින්ට සින්නකර අයිතිය ඇති ඉඩම් අක්කර 18ක් පමණ දේශපාලන බලය යොදවාගනිමින් වැලි ඡාවාරම් සිදුකරන බවට හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාට චෝදනා එල්ලවී තිබේ. නොවැම්බර් 21 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් රාජ්‍ය බලය වෙනස් වූ  පසු මේ සම්බන්ධයෙන් මාධ්‍යට හෙළදරව්වක් කරමින් ඩොනල්ඩ් නමැති ඉඩම් හිමිකරුවෙකු විසින් තමන්ට වසර ගණනක් පුරා සිදුවූ අසාධාරණය ගැන හෙළකර සිටියේය. ඔහු පවසා සිටියේ තමන්ට අයත් ඉඩම් අක්කර 05ට යාමට නොදී අශෝක ප්‍රියන්තගේ ගෝලයින් දමා තර්ජනය කරමින් සිටි බවත් ,ආණ්ඩු බලය වෙනස් වූ පසු ඉඩමට ගොස් බැලූ විට ඒ මැද විශාල වශයෙන් වැලි හාරා ගොඩගසා තිබුණ ආකාරය දැකගත හැකි වූ බවයි. දැනට වසර 04 ක පමණ සිට සිය ඉඩමට පැමිණීමට නොහැකිව සිටි බවත් ඒ කාලය තුළ සිය ඉඩමේ තිබූ සියලු වගාවන් වල්වැදී ඇති අතර වැලි කදු ගොඩගසා ඇති බවද ඔහු මාධ්‍යට පවසන ලදී. ඩොනල්ඩ් මහතාට අයත් අක්කර 05 ට අමතරව වෙනත් පුද්ගලයෙකුට අයත් තවත් අක්කර 12ක ඉඩමකුත් අශෝක ප්‍රියන්ත විසින් එම ඉඩමට ඒමට අවසර නොදී ව්‍යාජ ඔප්පු සකසා ඇති අතර එම ඒ සම්බන්ධයෙන් මාරවිල අධිකරණයේ මේ වනවිට නඩුවක් පවතියි. මෙම නඩුවේ නඩු වාරයක් අද මාරවිල අධිකරණයේදී පැවති අතර නැවත 2025 පෙබරවාරි මස 05 වනදාට නඩුව කල්දැමිණි. එදිනට සාක්ෂි විභාගය සිදුකිරීම වෙනුවෙන් සාක්ෂි කැදවන ලෙස අධිකරණයෙන් දැනුම් දී තිබේ.
අශෝක ප්‍රියන්ත විසින් නාත්තන්ඩිය ප්‍රෙද්ශයේ වෙනත් හිමිකරුවන්ට අයත් අක්කර 18 ක පමණ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඒවා කෑලෑ වැවෙන්නට හැර ඉඩම් හාරා වැලිඡාවාරම සිදුකරගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අයිතිකරුවන් විසින් පොලීසිය දැනුවත් කළද පොලීසිය විසින් මෙම ප්‍රශ්නය විසඳීමට අසමත්විමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අශෝක ප්‍රියන්ත සතු දේශපාලන බලයයි. වර්තමාන රජය විසින් ගෙනයන නව දේශපාලන ප්‍රතිපත්ති වලට අනුව මෙවැනි වූ දේශපාලකයින් විසින් රාජ්‍ය බලය දඩමීමා කරගනිමින් සිදුකර ඇති තවත් දූෂණ වංචා රැසක් ඇති අතර ඒවාද ඉදිරියේදී හෙළදරව් වනු ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article