Saturday, September 21, 2024

අතක් කැඩෙනකම් පාසල් සිසුවාගෙන් පන්ති කාමරය අස්කරවාගත් ගුරුවරියක් ?

Must read

බන්ඩිරිප්පුව ප්‍රෙද්ශයේ කතෝලික පාසලක 06 වන ශ්‍රේණියේ පන්තියක සිසුවෙකුට තනිවම පන්ති කාමරයක් අස්කීරීමට එම විදුහලේ ගුරුවරියක විසින් සිසුවෙකුට බාරදීම හේතුවෙන් එම සිසුවාගේ අතක් කැඩී යාමේ පුවතක් බන්ඩිරිප්පුව පාසලකින් වාර්තා වේ. මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේද 06 වන ශ්‍රේණියේම සිසුවෙකු වන අතර ගුරිවරියගේ අණින් පන්තිය අස්කිරීමට යාමේදෙී ඩෙස්ක් කිපයක් ඔහුගේ අතට පෙරලී යාමෙන් සිසුවාගේ අතේ බිදීමක් සිදුවී තිබේ. මෙම සිදුවීම අදාළ ගුරුවරිය දැක ඇති අතර එම අවස්තාවේදී සිසුවාගේ උදව්වට කිසිවෙකු නොයන ලෙස අනෙක් සිසුන්ට අණකර ඇති මෙම ගුරුවරිය මෙම සිසුවාට දඩුවමක් ලෙස පන්ති කාමරය තනිවම අස්කිරීිමට බාර දී තිබේ. එමෙන්ම මෙම ගුරුවරිය දරුවන්ට ආමන්ත්‍රණය කිරීමේදී ඉතාම නොසරුප් වචන වලින් සිසු සිසුවියන්ට ආමන්ත්‍රණය කරන බව ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට විදුහල්පතිනිය හමුවීමට ගොස් ඇති අවස්ථාවේදී විදුහල්පතිනිය පවසා ඇත්තේ ගුරුවරියට අවවාද කිරීමට කටයුතු කරන බවයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article