Saturday, September 21, 2024

Must read

”එළඹෙන ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන්ම ජය ගන්නවා”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී – සමන්ත විද්‍යාරත්න        

එළ⁣ඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජාතික ජලබලවේගයේ නාත්තන්ඩිය ආසනයේ  පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් එක් ජන හමුවක් ඊයේ දින එනම් 15/07/2024 දින සවස කටුනේරිය ප්‍රදේශයේදී පැවැත්වීය. “රට හදන විසඳුමට,ජනබලය එක පෙලට” යන තේමාව යටතේ  මෙම ජන හමුව සංවිධානය කර තිබුණි.
                        මෙම ජන හමුවේ ප්‍රධාන දේශකයා වූවේ ජාතික ජන බලවේගයේ ජාතික  විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතායි.
මෙහිදී ඔහු සභාව අමතමින් ප්‍රකාශ කලේ පසුගිය 76 වසරක කාලය තුල  එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විසින් වරින් වර  මෙරට පාලනය කළත් එම පානයන් තුලින්  ජනතාවට කිසිදු ආකාරයක දියුනුවක් , සෙතක් සිදු නොවු බවයි. එමෙන්ම සමස්තයක් වශයෙන් ගත් කල ශ්‍රී ලංකාවද සෑම අංශයකින්ම සහ සෑම ක්ෂේත්‍රයකින්ම අන්ත ලෙස පිරිහීමකට ලක්ව ඇති බවත් ඒ හේතුව නිසා රට ක්‍රමක්‍රමයෙන් අගාධයකට ඇදෙමින් පවතින බවත් ඔහු සඳහන් කලේය. රට කරන පාලකයන්ගේ නාස්තිය දූෂණය ඉහවහා ගොස් ඇති බවත්, හොරා කෑම , ණයට කෑම,  සහ විකුණාගෙන කෑම පමණක් රට තුළ ඉතා හොඳින් සිදුවන බවත් ඔහු සඳහන් කලේය. ඒ අනුව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙතෙක් කලක් රට පාලනය කළ කොල සහ නිල් පාට පාලකයන් ප්‍රතික්ෂේප කර සියලු  භේද දුරලා රට ගොඩනැගිය හැකි දූරදර්ශී නායකත්වයක් සහිත ජාතික ජන බලවේගය වටා ශ්‍රී ලංකාවේ සමස්ත ජාතීන්ට එක්රොක් විය යුතු කාලය උදාවී ඇති බවයි. ඒ අනුව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ එළඹෙන ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර  දිසානායක මහතා   නියත වශයෙන් ජයග්‍රහණය කරන බවයි.
එලෙසම මෙම ජන හමුවේදී කතා කළ ජාතික ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් විධායක සභික ඉංජිනේරු දීප්ත අප්පුහාමි මහතා ප්‍රකාශ කළේ  ජාතික ජන බලවේග රජයක් යටතේ ජාතික පුනරුදයක් ඇතිකර ශ්‍රී ලංකාව දියුණු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ සංවර්ධිත රටක් බවට පත් කරන බවයි.එලෙසම ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ පෙර ශ්‍රී ලාංකිකයන් සතුව තිබූ දියුණු තාක්ෂණික ක්‍රමවපායන් මගින් අනාගත ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් ලෙස නඟා සිටුවිය හැකි බවයි. 

              එලෙසම මෙම ජන හමුවේදි ජාතික ජන බලවේගයේ විධායක සභික සහ පුත්තලම් දිස්ත්‍රික් සංවිධායක මහාචාර්ය චන්දන අ⁣බේරත්න මහතා සහ පුත්තලම දිස්ත්‍රික් විධායක සභික  සභික සාගර විජේසේකර මහතා ද ඇතුළුව තවත් කථිකයන් කිහිපදෙනෙකු මෙම ජනහමුව ඇමතිය.

 

ඡායාරූප – තුෂාර රොහාන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article