Saturday, September 21, 2024

රොටරි සමාජයෙන්, දුනකදෙනිය  රෝහලට සද්කාරයයක්

Must read

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් , ගම්බද රෝහලක් වන දුනකදෙනිය ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට  සහ වෛද්‍ය සායන වලට  පැමිණෙන රෝද පුටු භාවිතා කරන රෝගී ජනතාව සඳහා මෙතෙක් කලක් විධිමත් සහ ක්‍රමවත් ප්‍රවේශ මාර්ගයක්   නොමැති වීම විශාල අඩුපාඩුවක් ව පැවතිණි.
           කාලයක් තිස්සේ දුනකදෙනිය ප්‍රාදේශීය රෝහලේ පවතින මේ අඩුපාඩුව පිළිබඳව එම  රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය ඉන්දික සත්කුමාර මහතා විසින් මිගමුව රොටරි සමාජයේ සාමාජිකා නිරෝෂා මාරපන මහත්මියට දැනුම් දීමක් කර  තිබේ . ඒ අනුව ක්‍රියාත්මක වූ මීගමුව රොටරි සමාජය විසින් ක්‍රමවත් සහ විධිමත් ලෙස ඉදිකළ රෝද පුටු  වලින් යනෙන  ජනතාවට භාවිත කළ හැකි නව ප්‍රවේශ මාර්ගයක් මේ වන විට ඉදිකර ඇත.

              රෝද පුටු භාවිතා කරන රෝගී ජනතාව සඳහා ඉදිකළ  එම නව  ප්‍රවේශ මාර්ගය  දුනකදෙනිය ප්‍රාදේශීය රෝහලට නිල වශයෙන් භාරදීම පසුගිය 08 වැනි දින (08/07/2024) සිදු විය.

       දුනකදෙනිය ප්‍රාදේශීය  රෝහලට පැමිණීමට ඇති පොදු පිවිසුම් මාර්ගය ඉතා අක්‍රමත්ව සහ  අවධිමත්ව තිබීම නිසා  විශේෂයෙන්ම රෝද පුටු භාවිතා කරන  බොහෝ පිරිසකට පසුගිය කාලයේදී විවිධ වූ අසීරුතාවන්ට සහ අපහසුතා රැසකට මුහුණ පෑමට සිදුවිය.

       එමෙන්ම රෝහලේ බාහිර රෝගී අංශයට (OPD) පැමිණෙන  රෝද පුටු භාවිතා කරන බොහෝ රෝගීන්ව රෝහ⁣ලට ඇතුළුවන ස්ථානයට පවා රැගෙන යාමට සිදුවූයේ බොහෝ විට ත්‍රී රෝද රථ වල නංවා⁣ගෙනය.

       සති දෙකක් වැනි කාල කාලයක් තුළ මෙම පිවිසුම් මාර්ගය තනා නිම කළ අතර එය මෙහෙයවන ලද්දේ මීගමුව රොටරි සමාජයේ  සභාපති නුෂාන්  ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ කාර්යය සඳහා වෙන්නප්පුවේ , ද ග්‍රෑන්ඩ් හොටෙල් , ටී.එන්.ආර්. එනටර්ප්‍රයිසස් සහ ප්‍රෝජා  ලංකා පුද්ගලික සමාගම මූල්‍ය දායකත්වය ලබා දී තිබිණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article