Saturday, September 21, 2024

ටවර් හෝල් රඟහල පදනමෙන්” ටවර් රංග යාත්‍රා “

Must read

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ආරම්භක අවදියේ සිට නූතන නාට්‍ය කලාව දක්වා වූ ගමන් මගේ දක්නට ලැබෙන සුවිශේෂි සන්ධිස්ථානයන් පාදක කර ගනිමින් නිර්මාණය වන “ටවර් රංග යාත්‍රා” අධ්‍යාපනික හා රසවින්දනාත්මක වැඩසටහන මෙවර කඩවත විද්‍යාලෝක විද්‍යාලයේදී හෙට දිනයේ දී එනම් 2024/06/25 වැනි අඟහරුවාදා දින පැවැත්වේ.පෙරවරු 10.30 සිට දහවල් 12.30 දක්වා පුරා පැය 02 ක පමන කාලයක් මෙම වැඩසටහන පැවැත්වෙන අතර මේ වැඩසටහන වෙන්වන්නේ පාසල් ළමුන් සඳහා පමණි.
ඒ අනුව ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ප්‍රධාන සංධිස්ථානයන් වූහ.
ශාන්ති කර්ම, කෝලම්, සොකරි, නාඩගම්, මිනර්වා/ටීටර් , නූර්ති සහ නව නාට්‍යය. තුල දක්නට ලැබෙන නාට්‍යමය අවස්ථා සහ ගීත ඇතුළත් ප්‍රාසාංගික අවස්ථාවන් රසවින්දනාත්මකව ඉදිරිපත් කිරීම මෙම වැඩසටහනෙන් සිදුවේ. ඒ අනුව ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව වර්තමානය දක්වා ක්‍රමිකව විකාශනය වූ ආකාරය මෙම වැඩසටහන තුළින් මනාව පිළිබිඹුවේ.

   මෙම වැඩසටහන ප්‍රවීණ රංගන ශිල්පී සහ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  සහ තරංගා කුමාරි , ඉන්දික ජයසිංහ, සරත් කරුණාරත්න, ඉවන්කා පීරිස් සහ චමින්ද මැදගෙදර යන ප්‍රවීණ හා ජනප්‍රිය ශිල්පීන් විසින් ඉදිරිපත් කරනු ලබයි. 
බුද්ධ ශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පාලනය වන ටවර් හෝල් රඟහල පදනම විසින් ":ටවර් රංග යාත්‍රා"" වැඩසටහන පාසල් ළමුන් සඳහා නිර්මාණය කර ඉදිරිපත් කරනු ලබයි.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article