Saturday, September 21, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිල්රෝයි සමුගනියි

Must read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිල්රෝයි ප්‍රනාන්දු මහතා ඊයේ (20) දින අභ්‍රාවප්‍රාප්තව තිබේ.  මිල්රෝයි ප්‍රනාන්දු මහතා වෙන්නප්පුවේ ඉපිද වෙන්නප්පුව ග්‍රමායේ හැදිවැඩී,අධ්‍යාපනය ලබා , ව්‍යාපාරික ක්ෂේත්‍රවයට තරුණ වියේදීම පිවිසි ව්‍යාපාරිකයෙකි. ඔහු උපත ලබා ඇත්තේ 1944-09-09 දිනදීය. නිහතමානී දේශපාලකයෙකි ලෙස ප්‍රෙද්ශවාසීන්ගේ ගෞරවයට පත්වූ මිල්රෝයි ප්‍රනාන්දු මියයන විට 80 වන වියෙහි පසුවිය.

1956 වර්ෂයේ තරුණයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයට එකතු වූ මිල්රෝයි ප්‍රනාන්දු 1988 වර්ෂයේ පැවති පළමු පළත් සභා මැතිවරණයේදී මහජන පක්ෂය නියෝජනය කරමින් තරග වදිමින් ජයග්‍රහණය කරන ලදී.

1989 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසට තරග කර ජයග්‍රහණය කිරීමටද හෙතෙම සමත් විය.1994 වර්ෂයේදී නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් වන මිල්රෝයි මහතා ධීවර නියෝජ්‍ය ඇමතිවරයා ලෙසද කටයුතු කරන ලදී.2000 වර්ෂයේදී නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වන ඒ මහතා සමාජ සේවා සහ ධීවර ප්‍රජාවගේ නිවාස සංවර්ධන කැබිනට් ඇමතිවරයා ලෙස පත් වන්නේය.2004 වර්ෂයේ පැවති හවුල්කාර රජයේදී ධීවර හා ක්‍රිස්තියාණි කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා වන ඒ මහතා මාස කීපයකින් එම කැබිනට් ඇමති ධූරයක්ද දරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article