Thursday, November 21, 2024

මාරවිල-මුදුකටුව වෙරළ ඛාදනය වර්ධනය වෙයි

Must read

මේ ඔබ දකින්නේ මාරවිල, මුදුකටුව වෙරළ පාරේ දර්ශනයකි. වෙරළ පාරෙන් මුදුකටුව සිට මාරවිල දෙසට යන විට මෙම මාර්ග කොටස හමුවේ. මේ දිනවල සක්‍රියව වී ඇති වාරකන් සමය නිසා මෙම ප්‍රදේශයේ රළ පහර දැඩි ස්වභාවයක් ගෙන තිබේ. පසුගිය වාරකන් කාල වලදීද මෙලෙස රළ පහර දැඩිවීමත් සමඟම මෙම මාර්ගය ආසන්නයේ ඇති මුහුදු වෙරළ ප්‍රදේශය දැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්වී තිබේ. එවැනි තත්ත්වයක් තුළ, මේ වනවිට මෙම මාර්ග කොටසත් මුහුදු වෙරළත් අතර ඇති පරතරය මීටර් 10 ටත් වඩා අඩු වී ඇති ආකාරය දැකගත හැකිය. මුහුදු වෙරළ ප්‍රදේශය සහ එම මාර්ගය මුහුදු ඛාදනයෙන් ආරක්ෂා කිරීමට මීට ඉහතදී ගල්වැටි දමා තිබුණත් ප්‍රචණ්ඩ වූ රළ පහර එම ගල් වැටි පසුකර ගල්වැට් වලට උඩින් මුහුදු වෙරළ අසලම ඇති මෙම කාපට් කළ මාර්ගයට පැමිණීම නිසා මෙම මාර්ග කොටසේ තාර සහ කළුගල් ගැලවී ඇති ආකාරය ද දැකගත හැකිය. මේ වන විට මේ මාර්ග කොටස සම්පූර්ණයෙන්ම අබලන් වී මේ මාර්ග කොටසේ වලවල් පවා හැරී එම වලවල් වලට වැසි ජලය පිරී ඇති ආකාරය ද දැක්නට ලැබෙි. මේ ප්‍රදේශයේ ධීවරයන් කිහිප දෙනෙකු ප්‍රකාශ කරන්නේ හරිහැටි නිරීක්ෂණයකින් තොරව සහ විද්‍යානුකූල තාක්ෂණික ක්‍රමවේදයක් නොමැතිව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම ගල්වැටි දැමීමේ ව්‍යාපෘතිය නිෂ්ඵල වී ඇති බවයි.
මෙම මාර්ගයට ආසන්නව ජීවත්වෙන ප්‍රදේශවාසීන් පවසන්නේ මෙලෙස ඉවක් බවක් නොමැතිව ගල්වැටි දැමීමෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබාගත නොහැකි බවයි.එනිසා එම ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසන්නේ ඉතා නුදුරේම මේ මාර්ගය මහා මුහුදටම සේදී යාමට බෙහෙවින්ම ඉඩ ඇති බවයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article