Saturday, September 21, 2024

පොසොන් සමය වෙනුවෙන් අනුරපුරට විශේෂ බස් සේවාවක්

Must read


අනුරාධපුර පොසොන් උලෙළට සහභාගි වන බැතිමතුන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟීන් අනුරාධපුර, තන්තිරිමලේ, මිහින්තලය පුජනිය නගර කේන්ද්‍ර කර ගනිමින් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියත්මක කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

 ඊට අමතරව සිතුල්පව්ව පූජා භුමිය හා කතරගම ඇතුළු අනිකුත් පූජා නගර ඉලක්ක කර ගනිමින් ද බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය බස් රථ යෙදවීමට කටයුතු සැලසුම් කර තිබේ.

මධ්‍යම බස්රථ කාර්යාලය, මහනුවර ප්‍රධාන බස් නැවතුම්පල, කුරුණෑගල ප්‍රධාන බස් නවතුම්පොලෙහි සිට පැය 24 පුරා ආවරණය වන පරිදි අනුරාධපුරය දක්වා බස්රථ යෙදවීමට සැලසුම් කර ඇති අතර මහව, ගල්ගමුව, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, කැකිරාව නගර වල සිට අඛණ්ඩව සේවාවක් අනුරාධපුරය හා මිහින්තලය ආවරණය වන පරිදි යොදවනු ලැබේ.

උතුරු දුම්රිය මාර්ගයෙහි දුම්රිය ධාවන කටයුතු මහව දුම්රිය ස්ථානයට පමණක් සිමා වන හෙයින් දුම්ම්රියෙන් පැමිණෙන බැතුමතුන් වෙනුවෙන් ඔවුන්ගේ ගමන් පහසුකම් වෙනුවෙන් මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර නගරය දක්වා ශ්‍රී ලංගම බස්රථ සේවාවක් දුම්රිය කාල සටහන් අනුව ක්‍රියත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය බස්රථ මහව, ගල්ගමුව, හා වාරියපොළ, ශ්‍රී ලංගම ඩිපෝ මඟීන් යෙදවීමට උපදෙස් ලබා දී ඇත.

මෙවර පොසොන් උත්සවය සඳහා සුපුරුදු පරිදි ධාවනය වන බස්රථ කාල සටහන් වලට අමතරව අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය දක්වා යොදවා ඇති අතිරේක බස්රථ ඇණිය බස්රථ 400 ක් පමණ වේ.

මෙම බස්රථ සේවාවන් ජුනි මස 20 වන දින පස්වරුවේ සිට ආරම්භ වෙන අතර ජුනි මස 24 වන දින පෙරවරුවෙන් අවසන් කිරීමට තීරණය කර ඇත. අදාළ බස්රථ සේවාවන් පිලිබඳ විස්තර 1958 දුරකථන අංකය ඇමතීමෙන් හෝ මධ්‍යම බස්රථ කාර්යාලයේ විමසීම් අංශයේ දුරකථන අංක 011-2328081 ෂෝ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන) ගේ දුරකථන අංක 077-1065032 ඇමතීමෙන් ලබා ගත හැකිය.

තව ද, මාර්ග ගත ක්‍රමය ඔස්සේ  https://sltb.eseat.lk/ යොමුව මඟීන් හෝ 1315 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ද ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් සපයා ඇත.

එමෙන්ම, දිවයිනේ ප්‍රධාන නගර ආවරණය වන පරිදි අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට ඩිපෝ කළමණාකාර මහත්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article