Saturday, November 23, 2024

බීමතින් සුක්කානම අතට ගත් පුත්තලමේ හිටපු උප සභාපති ලොරියක හැපී මරුට ! (ඡායාරූප )

Must read

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ , සිරම්බිඅඩිය ප්‍රදේශයේදී ඊයේ (12 දා) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වන තුෂාර චන්ද්‍රකාන්ත මහතා ජීවිතක්ෂයට පත් විය.

ඊයේ රාත්‍රී 7.00 ට පමණ චන්ද්‍රකාන්ත මහතා ත්‍රිරෝද රථයක් පදවාගෙන පුත්තලම දෙසට එමින් සිටි බවත්, සිරම්බිඅඩිය ප්‍රදේශයේදී ඒ මහතා පදවමින් සිටි ත්‍රිරෝද රථය ඉදිරියෙන් පැමිණෙමින් තිබූ ලොරි රථයක් සමග මුහුණට මුහුණ ලා ගැටුණු බවත් අනතුර ඇසින් දුටුවෝ කියති.

ලොරියේ ගැටුණු ත්‍රී රෝද රථය මීටර් 15 ක් පමණ ඉදිරියට ඇදී ගොස් නැවතී තිබූ අතර ත්‍රි‍රෝද රථය එකම සුන් බුන් ගොඩක් බවට පත් වී තිබිණි. ටයර් තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී අනතුරට ලක් වී තිබූ ලොරි රථයටද දැඩි අලාභහානි සිදු වී තිබේ.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන චන්ද්‍රකාන්ත මහතා ක්‍රියාකාරි දේශපාලනයේ යෙදී ඇත්තේ 1990 සිට 2001 දක්වා වූ කාලය තුළ බව කියැවේ.

ඇමැති ද. මු. දසනායක මහතාගේ සමීපතම ආධාරකරුවෙකු ලෙස ප්‍රකටව සිටි චන්ද්‍රකාන්ත මහතා 1997 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී පුත්තලම ප්‍රාදේශීය සභාවට පළමුවරට තරග කළ අතර එහිදී මනාප ජන්ද 1940 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිමින් එහි උප සභාපතිවරයා ලෙසට තේරී පත් විය.

පසුගිය මහමැතිවරණ සමයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයට එක් වූ තුෂාර චන්ද්‍රකාන්ත මහතා එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කළේය.

අනතුර සිදුවන අවස්ථාව වන විට චන්ද්‍රකාන්ත මහතා අධික ලෙස බීමත්ව සිට ඇති බවත්, අනතුරට සම්බන්ධ ලොරි රථය සහ එහි  රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පුත්තලම ‍පොලිසිය කියයි.

සටහන සහ ඡායාරූප  – පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

upasabapathi5 upasabapathi11 upasabapathi10 upasabapathi9 upasabapathi7 upasabapathi4 upasabapathi1

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article