කොළඹ-කුරුණෑගල-අනුරාධපුර ( ඇල්ල හරහා )ප්රධාන පාරේ ගල්ගමුවේ සෙනරත්ගම පූලංචිය වැව අයිනේ පිහිටුවලා තියන අපේ රටේ මුල්ම හා එකම සත්ව අහිංසා ස්මාරකය අද්දර ලබන අප්රියෙල් 28 ඉරිදා උදේ 9 ට “හරිත බක් මහ උළෙල”ක් පවත්වන්න තීරණය වෙලා තියනවා.
|
සෙනරත්ගම උද්යෝගීමත් තරුණ පිරිසක ගේ උනන්දුවෙන් හා කැපවීමෙන් පැවැත්වෙන මේ “හරිත බක් මහ උළෙල”ට ගල්ගමුව ප්රාදේශීය සභාව වගේම අහිංසා ශ්රී ලංකා සංවිධානය හැටියට අපිත් එකතු වෙන්න තීරණය කළා.
මේ ඊයේ(15) හවස ඒ ගැන සිදුවුණු මූලික කතා බහේ දී ගත්තු පින්තූර අතරින් දෙකක්.
(තිලක් සේනාසිංහගේ ෆේස් බුක් පිටුවෙනි )