මිට වසර දෙකකට පෙර රටේ ඇතිවූ දේශපාලන අරගල කාලයේදි හිටපු පාර්ලිමේන්තු මන්ත්රි සනත් නිශාන්තගේ නිවස ගිනි තැබීම සම්බන්ධව චෝදනා එල්ල කරමින් ගොනුකර තිබුණ නඩු විභාගය අද හලාවත මහේස්ත්රාත් අධිකරණයේදි විභාගයට ගැනුණි. මෙම නඩුවේ චෝදනා පාර්ශවය විසින් මෙතෙක් වගඋත්තරකරුවන් වෙත සාක්ෂි කිසිවක් ගොනුකර නොමැති නිසා ජවිපෙ සාමාජික අජිත් ගිහාන් ඇතුළු චුදිතයින් 68 දෙනෙකු අද දිනයේදී හලාවත මහේස්ත්රාත් අධිකරණයේ ගරු මහේස්ත්රාතුමා විසින් නිදහස් කර තිබේ. මෙම ගිනිතැබිම සිදුවුයේ 2022 වසරේ මැයි මාසයේ දි වන අතර ආරච්චිකට්ටුව පොලීසියට මේ වනතෙක් කිසිදු චෝදනාකරුවෙක් වෙත චෝදනා ගොනු කිරිමට නොහැකි ඇත.