Friday, November 22, 2024

බංගදෙණියටත් අලි ! එලවන්න ගිය දෙන්නෙක් රෝහලේ

Must read

හලාවත බංගණෙිය පැත්තට දැන් අලි එන්න පටන් අරන් . නරක තත්වයක් . අලි මිනිස් ගැටුම් අලුත් ප්‍රදේශවලටත් පැතිරෙන්න පටන් අරන්ද ?

හලාවත බංගදෙනිය දුම්රිය ස්ථානයට ආසන්න කැලැවක රැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා වනජීවි නිළධාරීන් සමඟ  කටයුතු කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකා නිළධාරීන් දෙදෙනෙකුට එල්ල වු වල් අලි ප්‍රහාරයකින් ඔවුන් හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

මෙසේ වල් අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කරුවලගස්වැව සිවිල් ආරක්ෂක අනුකණ්ඩයට අයත් වනජීවි දෙපාර්තුමේන්තුව යටතේ වල් අලි පලවා හැරිම සදහා පුත්තලම අලි පාලන ඒකකයෙ කටයුතු කරනු ලබන දෙනෛකු බවද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

බංගදෙනිය දුම්රිය ස්ථානයට ආසන්නයෙ පිහිටි මැල්වත්ත ප්‍රදේශයෙ කැලෑබද ස්ථානයට අලි දෙදෙනෙකු කඩා වැදි ඇති බවට පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂක වරයාට බංගදෙනිය ගම්වාසින් කල දැනුම් දීම මත එම වල් අලි දෙදෙනා පලවා හැරිම සදහා වනජීවි නිළධාරීන් හා සිවිල් ආරක්ෂක නිළධාරීන් කණ්ඩායමක් පැමිණ තිබේ.

කෙසේ වෙතත් බංගදෙනිය දුම්රිය ස්ථානයට ආසන්නව ඒ වන විට ලංවි සිටි වල් අලි දෙදෙනා එම දුම්රිය ස්ථානය හරහා පුත්තලමට ගමන් කරමින් තිබු දුම්රියට බිය වි කුලප්පු වි ඇති බවත් මෙම අලි දෙදෙනා ගම්මානයට කඩා වැදිමට සුදානම් වන අවස්ථාවේ අලි පාලන ඒකකයෙ නිළධාරීන් සමග සිවිල් ආරක්ෂක නිළධාරීන් මහත් වෙහෙසක් දරමින් මෙම අලි දෙදෙනා ගම්මානයට කඩා වැදිම වලක්වා ලමින් සිට ඇති අතර ඒ සමගම කඩා වැදුන අලි දෙදෙනා සිවිල් ආරක්ෂකයින් හා වනජීවි නිළධාරීන් වෙතට පැමිණ තිබිම හේතුවෙන් මෙම සිවිල් ආරක්ෂකයන් දෙපල අලි ප්‍රහාරයට ලක්ව ඇත
ඡායා සහ මුලාශ්‍රය – ලංකාදිප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article