Saturday, January 18, 2025

 කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවට බරපතල වැඩ සහිතව වසර 3ක සිරදඩුවම්

Must read

බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල පිහිටි රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේය. 2020 අගෝස්තු 11 වනදින කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල එදිනම රාත්‍රිෙය් ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස්දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහ‍ෙස්ත්‍රාතවරයා විසින් වරේන්තු නිකුත් කර තිබූණි. සිර දඩුවමට අමතරව රාජසභා මණ්ඩලපයට කළ අලාභහානිය සම්බන්ධයෙන් රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද විත්තිකරුවන්ට නියම කළ විනිසුරුවරයා රුපියල් දෙලක්‍ෂ විසිපන්දහස බැගින් දඩ මුදල් ගෙවීමට ද විත්කිරුවන්ට නියම කළේය.

සබැදි පුවත්

කුරුණෑගල නගරාධිපති බලහත්කාරයෙන් කඩ වහයි – ව්‍යාපාරික විරෝධය හමුවේ යලි කඩ විවෘත කරයි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article