උතුම් වූ මිනිස් ගුනධර්ම පසෙකලා සෑමදෙයක්ම මුදලින්ම තීරණය කරන ,මුදල් පසු පසම හඹායන සමාජයක කිසිඳු මුදල්මය වාසියක් හෝ වෙනත් කිසිදු ආර්ථිකමය වාසියක් නොමැතිව අසරනවු බළලුන් ආදරයෙන් රැකබලා ගනිමින් එම සතුන්ව පෝෂය කරන සුවිශේෂි කාන්තාවක් පසුගියදා අපට මුන ගැසුණි. ඇය මේ වන විට 60 වන වියේ පසුවන ඇග්නස් පීරිස්ය. එ නිසාම ඇය පිලිබඳව තොරතුරු විමසිමට ඇය ජිවත්වන පරිසරට ගියෙමු. ඒ තවමත් ගැමි අසිරිය ඉතා සුන්දරව අත්විඳිය හැකි නාරාවිල කච්චිරාව ප්‍රෙද්ශයයි.
මෙම කාන්තාව වෙසෙනේනේ මෙම ගම්පියසේ අල්මානු වත්ත නමැති විශාල පොල් ඉඩමක පිහිටි මුර ගෙදර නමින් හඳුන්වන ඉතාම කුඩාම නිවාසයකයි. ඉතා අඩු පහසුකම් ඇති එම කුඩා නිවසේ ඇය සිය 90 වියැති වයෝවාද්ධ සිය මව සමග අඩුපහසුකම් සහිත කුඩා නිවසක ජීවත්වන අතර ඒ අවට ෙ තැනුන කූඩු කිහිපයක සුරතල් බළල් පැටවුන් 25ක් පමණ ඉතාමත් ආරක්ෂිතව වාසය කරන ආකාරය දැකගත හැකිවිය.
වටේ පිටේ අතරමංවුණ ඒ වගේම මහා පාරේ දාලා ගිය බළලුන් 30 දෙනෙකු පමණ මම බලාගන්නවා. එ ්වගේම බල්ලෝ 05 දෙනෙකුත් මම මේ වෙද්දි බලාගන්නවා. මට කියලා ඉන්න හිටින්න තැනකුත් නෑ. මම ඉන්න වත්ත අයිති අය මට ඉන්න දීලා තියෙනවා. මට රැකියාවක් නැහැ. ඒ වගේම කිසිම අසනිපයක් නැහැ.අම්මාලේ නෑදැයෝ දෙන සුළු මුදලකින් තමයි මමඅම්මත් බලාගෙන , මේ සත්ත ටිකත් හදාගෙන ඉන්නේ.
අපේ ගම මීගමුව. තාත්තා වැඩකලේ උසාවියේ. තාත්තා මැරෙද්දි මට අවුරුදු 14යි. තාත්තා නැතිව ගියාට පස්සේ අපිට උන්හිටිතැන් අහිමි වුණා. ඒ වගේම මට දිගටම ඉගෙනගන්න බැරිව ගියා. මට මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ,පන්සලක ආවතේවකම් කරනවා. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඒ මීගමුවේ කුරුස මඩම කියලා හදුන්වපු ශාන්ත ජෝහප් විද්‍යාලයේ. මට විවාහ ජිවිතයක් ගැන හිතන්නවත් බැරිව ගියා. මට තිබුණ ප්‍රශ්න ගැටළු නිසා. මම ඒ ප්‍රශ්න වලින් මිදෙන්නත් එකක තමයි මම මේවාගේ අසරණ වුණ ,අනාථ වුණ,බලලුන්,බල්ලන්ව හදාවඩා ගත්තේ. මේ සත්තු ටික බලාගෙන ඉන්නකොට මට විශාල සහනයකක් දැනෙනවා.
මට මේ ඉන්න තැනින් 2026 අවුරුද්දේ ජුනි මාසේ යන්න කියලයි තියෙන්නේ. ඉතින් මට කොහේ හරි තැනක් හොයලා දෙන්න. මේ සුරතල් සත්තු ටික බලාගෙන ඉන්න තැනක්. ඒත් එක්කම මේ සතුන්ට දිනපතා විශාලවියදමක් යනවා. මට මේ හැමදේටම උදව් කරන්න පුලුවන් අය ඉන්නවානම් මං ගැන ඒ අයට කියන්න.
තුෂාර රොහාන්