Thursday, November 21, 2024

නීති විරෝධී මාදැල් රස්සාවට උල්පන්දම් දෙන ධීවර අධ්‍යක්ෂලා

Must read

නිති විරෝධී දැල් පන්න,හා ට්‍රැක්ටර් භාවිතා කරමින් සිදුකරන මාදැල් රස්සාව නිසා ඉරණවිල ප්‍රෙද්ශයේ මුහුදු වෙරළ හා පරිසරය ඉතා සීග්‍රෙයන් විනාශයට ඇද දමන බවත් මෙම ක්‍රියාව නතර කිරිම වෙනුවෙන් ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කළත් මේ වනතෙක් කිසිදු විසඳුමක් තමන්ට ලැබී නොමැති බවත් ශාන්ත පේදුරු ධීවර සමිතියේ සාමාජිකයෝ චෝදනා කර සිටියි. සාම්ප්‍රදායික ධීවර රැකියාවන් වල නිරත වන පවුල් 2000 කටත් වඩා සාමාජිකයින් සිටින ඉරණවිල ගම්මානයේ ජීවත්වන ධීවර ජනතාවට මෙම මාදැල් රස්සාව හේතුවෙන් ගැටළු රාශියකට මුහුණදීමට සිදුව ඇත.
ඉරනවිල ශාන්ත පේදුරු ධීවර සමූපාකාර සමිතිය විසින් මෙම නිතිවිරෝධී මාදැල් රස්සාව නවතා දමන ලෙස ඉල්ලා පසුගිය දිනක මහවැව සහකර ධීවර අධ්‍යක්ෂකවරයා හමුවූ අතර එහිදී සහකාර අධ්‍යක්ෂකවරයා විසින් මෙම ට්‍රැක්ටර් යොදා මාදැල් ඇදීම නවතා දමන බවට පොරොන්දුවී ඇත. නමුත් ධීවර සමිතියේ සාමාජිකයින් පවසන්නේ එම පොරොන්දුව බොරු පොරොන්දුවක් බව ඔප්පුකරමින් ඊට දින කීපයකට පසු බටහිර ඉරණවිල වෙරළේ නැවතත් ට්‍රැක්ටර් යොදාගෙන මාදැල් ඇදීම සිදුකරමින් තිබෙන බවයි. සහකාර ධීවර අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ මාදැල් රස්සාව කරන පුද්ගලයන් ට්‍රැක්ටරය යොදාගනිමින් මාදැල් අදිනවිට තමාට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දෙන ලෙසයි. ධීවරයින් විසින් ඒ සම්බන්ධයෙන් දැනුම් දීම සදහා අධ්‍යක්ෂකවරයා ඇමතූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ වැල්ලේ නිකම් ට්‍රැක්ටරය යනවා නම් වීඩියෝ කරන්න එසේ නැතුව කඹ යොදාගෙන ට්‍රැක්ටරයෙන් අදන එක වීඩියෝ කරන්න එපා යනුවෙනි. මේ අකාරයට දෙබිඩි පිළිවෙත් අනුගමනය කිරීමට ධීවර අධ්‍යක්ෂකවරයාට සිදුව ඇත්තේ මෙම මාදැල් මුදලාලිලාගෙන් ඔවුන්ද යැපෙන නිසා බව ඉරණවිල ගම්මනායේ ධීවරයින් චෝදනා කර සිටිති.
ගම්මුන් පවසන්නේ ධීවර අධ්‍යක්ෂකලා ඇතුළු දේශපාලකයින් මෙන්ම තවත් බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙම ලොකු ව්‍යාපාරිකයින්ගෙන් මාලු මෙන්ම තවත් අල්ලස් ලබාගන්නා නිසා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බී ඇති බවයි. එමෙන්ම දිස්ත්‍රික්කයේ දේශපාලකයින්ගේද සහය මෙවැනි නීති විරෝධී ලෙස ධීවර රැකියාවේ යෙදෙන පිරිස් වෙත ලැබෙන බවයි. කෙසේ වුවත් මේ වනවිටත් ඉරණවිල ගම්මානය සීග්‍ර ලෙස මුහුදු ඛාදනයට ලක්වෙමින් තිබෙන ප්‍රෙද්ශයක් බැවින් මෙම පරිසර විරෝධී ක්‍රියා නවතා දැමීම වෙනුවෙන් දිගටම ක්‍රියාකරන බව ශාන්ත පේදුරු ීධවර සමූපාකාර සමිතියේ සාමිජිකයින් පවසයි.

ශාන්ත පේදුරු සමූපාකාර ධීවර සමිතියේ සාමාජිකයින්



ඉරණවිල වෙරළ පරිසරය මෙම මාදැල් ඇදීම හා ට්‍රැක්ටර් යොදා හැරීමත් හේතුවෙන් විනාශ වී ඇති අයුරු – මුහුදත් වෙරළත් අතර ඇති වෙරලේ පරතරය අඩුවී කන්දක් ලෙස ගොඩගැසී තිබූ මුහුදු වැලි නැවතත් කඩාගෙන මුහුද දෙසට පාත්වී අති අයුරු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article