Saturday, September 21, 2024

සිය දෙමව්පියන් දරුකමට හදාගත් නැගණියට අපහස කළ වෙන්නප්පුවේ සංගීත ගුරා කව්ද?

Must read

දරුකමට දරුවන් හදාගැනිමට අදාලව රටේ නීතිය තවත් ශක්තිමත් කිරිමට අවැසිය. එයට හේතුව වි ඇත්තේ විවිධ අවස්ථාවන් හිදි මෙසේ දරුකමට හදා ගැනිමට ගන්නා අයගේ අයිතිවාසිකම් ගැන වගේ වගක් නැති ඇතැම් මිනිසුන් මේ අයව තැන නොතැන නොබලා අපහසයට ලක්කිරිමට පවා කටයුතු කරන අවස්ථාවන් ඇති බැවිනි.
මේ පුවතට පාදක වන්නේද එවැනි සිදුවිමකි. එය වාර්තා වන්නේ වෙන්නප්පුව පොලිසිය තුලදි විමද තවත් විශේෂත්වයකි.(වෙන්නප්පුව යනු සිය පවුල් අවුල් රැසක් ඇති පුත්තලමි දිස්ත්‍රික්කයේ ප්‍රධානතම නගරයක් වන අතර මහළු දෙමව්පියන් නොසලකාහැරීම් පිලිබද පැමිණිලිද බහුලය)

සිය වයෝවෘද්ධ දෙම්පියන් රැක බලා ගැනිම සම්බන්ධයෙන් මතුව තිබුන ගැටලුවක් මත වු පැමිණිලි විභාගයක් ඊයේ පෙරවරුවේ වෙන්නප්පුව පොලිසිය තුලදී සිදුවිය.

මෙම අවස්ථාවට පැමිණ සිටි අදාල දියණියව දරුකමට හදාගැනිමට භාර ගෙන තිබුනේ සිය දෙමව්පියන් විසිනි.

ඒ නිසාම මේ දියණිය සිය දෙමව්පියන් රැකබලා ගනිමින් නිවසේම රැදි සිට ඇති අතර අදාල පවුලේ නීත්‍යානුකූල උරුමක්කාර පිරිමි දරුවා වසර ගණනාවක සිට දිවි ගෙවන්නේ රටින් බැහැරවය.

තතු එසේ තිබියදි ඊයේ දිනයේ සිය නැගණියට අපහස කරමින් පවසා මෙම පුද්ගලයා පවසා තිබුනේ උඹ අපේ පවුලේ කෙනෙකු නොවන බවයි.

එහිදි එයට පෙරළා පිළිතුරු ලබාදුන් නැගණිය කියා තිබුනේ ස්වභාවික දරුවන්ට මෙන්ම හදාගැනිමට ගත් දරුවන්ටද දෙමව්පියන් සම්බන්ධයෙන් සම අයිතින් ඇති බව නොදන්නේ නම් ඒ ගැන නීතිය විමසා දැනගන්නා ලෙසය.

මේ ආකාරයෙන් සිදුකරන ලද අපහසය ගැනත් දරුකමට හදාගැනිමට අදාල නිතිමය තත්වය ගැනත් නිතිඥවරයෙකුගෙන් අප විමසා සිටි අවස්ථාවේදි ඔහු පවසා තිබුනේ රටතුල අද පවතින දරුකමට හදාගැනිමට අදාල නිතිය ප්‍රබල බවත් එහිදි දරුකමට ගැණුන අයට ඇති අයිතියද ප්‍රබල බවත්ය.

තම මහළු දෙම්පියන්ව රැකබලා ගනිමින් නිවසේ රැදි සිටින තැනැත්තියට පොලිසියක් තුලදි අපහසයක් සිදුකරන ලද තැනැත්තා කටුනේරිය ප්‍රදේශයේ කලා ආයතයකින්ද අධ්‍යාපනය හැදුරු අයෙකු බවත් කලක් වෙන්නප්පුව සහ අවට පාසැල් වල සංගිත ගුරුවරයෙකු ලෙසින් සේවය කර තිබුන අයෙකු බවය.ඔහු දැන් එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පදිංචිව සිටින බවද වාර්තාවේ.

පහත පළවන්නේ බීබීසී සිංහල සේවය විසින් දරුවකු දරුකමට හදා වඩා ගැනීම නැත්නම් ‘දරුවෙක් කුලවද්දා ගැනීම’ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිමය පසුබිම සහ අභියෝග මොනවද? යන ලිපියෙන් උපුටා ගන්නා කොටසකි.

දරුවෙක් කුලවද්දා ගැනීම

‘Adoption’ යන ඉංග්‍රීසි වදනින් කියැවෙන වෙනත් අයකුගේ දරුවකු නීත්‍යානුකූලව ගෙන, එම දරුවා තමන්ගේම ලෙස ඇති දැඩි කිරීමේ ක්‍රියාව හෝ දරුකමට හදා ගැනීමේ කාරණය ශ්‍රී ලංකාවේ නීතියට අනුව හඳුන්වනු ලබන්නේ ‘දරුවෙක් කුලවද්දා ගැනීම’ යනුවෙනි

ශ්‍රී ලංකාවේ ස්ථාපිත නීතියට අනුව දරුවකු ‘කුලවද්දා ගැනීම’ යන්න හඳුන්වාදිය හැක්කේ ‘යම් පුද්ගලයකු දරුවෙකුගේ ස්වාභාවික මව හෝ පියා නොවන අවස්ථාවක, තම සුජාත දරුවකු මෙන් එම දරුවාවට නෛතික නියෝජිතයත්වය ලබාදෙමින් හදා වඩා ගැනීමයි’ යනුවෙනි. ශ්‍රී ලංකාවේදී දරුවකු දරුකමට හදාවඩා ගැනීමේ නීතිය යටතේ ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකර ඇති බව දැකගත හැකිය. එම කරුණු වන්නේ,

බීබීසී සිංහල සේවය සමග මේ සම්බන්ධයෙන් අදහස් පළකළ කොළඹ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ සංජීව දසනායකට අනුව ‘කුලවද්දා ගැනීම’ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතිය වන්නේ 1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනතේ ප්‍රතිපාදනයන්ය. නීතිඥ දසනායක පෙන්වාදෙන ආකාරයට මෙම ප්‍රධාන ආඥා පනතට අමතරව 1943 අංක 54 දරන ආඥාපනත, 1964 අංක 01 දරන පනත, 1977 අංක 06 දරන පනත සහ 1992 අංක 15 දරන පනත යටතේ සඳහන් ප්‍රතිපාදනයන් ද මෙහිදී වැදගත්වේ.

එසේම මුල් පනතේ 13වන වගන්තිය යටතේ ශ්‍රි ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පනවා ඇති රීතීන් මෙන්ම 1944.01.21 දිනැති රජයේ ගැසට් පත්‍රයද දරුවකු දරුකමට හදා ගැනීමේදී වැදගත්කොට සැළකේ.

දරුවකු දරුකමට හදාවඩා ගැනීමේදී ‘කැමැත්ත’

දරුවකු දරුකමට හදාවඩා ගැනීමේදී ‘කැමැත්ත’ යන්න අධිකරණය විසින් විශේෂයෙන් සැළකිල්ලට ගනු ලබන බව දැකගත හැකිය. එහිදී, දරුවාගේ ස්වාභාවික මාපියන්ගේ කැමැත්ත ලබාගැනීම අනිවාර්ය වේ. දරුවාගේ මාපියන් විවාහක නම් ඔවුන් දෙදෙනාගේම කැමැත්තද, අවිවාහජ දරුවෙකු නම් (පියකු පිළිබඳ සටහනක් නොමැති නම්) මවගේ කැමැත්ත ද අවශ්‍ය වන අතර, භාරකරුවෙක් යටතේ දරුවා සිටින විටෙක දී, එම භාරකරුගේ කැමැත්ත ද අවශ්‍ය වේ. එසේම කැමැත්ත ලබාගැනීමේ අවශ්‍යතාව නොසලකා හැරීමටද අධිකරණයට හැකියාව පවතී. යම් හෙයකින් පුද්ගලයන් දෙදෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් විසින් දරුවකු දරුකමට හදා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එහිදී ඒ වෙනුවෙන් හැකියාව ලැබෙනුයේ නීත්‍යනුකූලව විවාහ වූ අයැදුම්කරුවන් හට පමණකි.

මෙලෙස දරුවෙකු හදාවඩා ගැනීමේදී, දරුවාගේ ස්වභාවික මාපියන් හෝ භාරකරු වෙත කිසියම් මුදලක් හෝ ත්‍යාගයක්, ගනුදෙනුවක ආකාරයෙන් ලබාදීම හෝ එලෙස ලබාදීමට පොරොන්දු වීම සිදුකළ නොහැකිය.

ආඥාපනතේ 6 (3) වගන්තියට අනුව වලංගු දරුකමට හදාගැනීමේ නියෝගයක් හරහා හදාවඩා ගනු ලබන දරුවාට, දරුකමට හදා ගනු ලබන පුද්ගලයාගේ නීත්‍යානුකූල විවාහයක උපන් දරුවකුගේ තත්ත්වය ලබා දෙනු ලැබේ. එහි අදහස වන්නේ,

  • දරුවාට පෝෂණය,රැකවරණය,නඩත්තුව,අධ්‍යාපනය ලබා ගැනීමට අයිතිය හිමිවන බව,
  • නව මාපියන්ගේ නමින් හා පෙළපත් නමින් උප්පැන්න සහතිකයක් ලබාගැනීමට අයිතිය හිමිවන බව,
  • නව මාපියන් තම ස්වාභාවික මව්පියන් ලෙස සැළකීමට අයිතිය හිමිවන බව සහ;
  • කුලවද්දාගත් පවුලේ සිටින අනෙකුත් දරුවන් හා සමානව අයිතිවාසිකම් හිමි වන බව

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article