මීට කලකට ඉහතදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් සිය පැරණි පෙම්වතා විසින් ෆේස් බුක් වෙබ් අඩවියට මුදාහැරීම නිසා සිත්තැවුලට පත් බිංගිරිය, තිසෝගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි විවාහක තරුණියක් ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.
මෙලෙස සිය දිවි හානිකරගෙන ඇත්තේ තිසෝගම, වෙලංගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.එම්. අනූෂා මධුවන්ති නැමැති පසුගිය අගෝස්තු මස 27 වැනිදා විවාහ වූ තරුණයකි.
කුලියාපිටිය මූලික රෝහලේ දී පැවති මිය ගිය තරුණිය පිළිබද මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ඇගේ වැඩිමල් සොහොයුරකු වන ආර්. එම්. අමිත් සංජීව මහතා මෙසේ පැවසීය.
“මියගොස් සිටින්නේ මගේ බාල සොයුරියයි. ඇය මෙයට මාසයකට පමණ පෙර වෙලංගොල්ල ප්‍රදේශයේ සඳුන් ජීවන්ත යන අය සමඟ විවාහ වුණා. මෙයට දින තුන හතරකට පමණ පෙර මට දැන ගන්න ලැබුනා, නංගී විවාහ වීමට පෙර වෙනත් අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් එම තැනැත්තා ඒ කාලයේ දී ගන්නාලද ඔහු සමඟ නංගී පෙනී සිටි ඡායාරූප ගැන කියා නංගීට තර්ජනය කරන බව. සුජිත් සාගර නැමැති එම තැනැත්තා එම ඡායාරූප ෆේස්බුක්වල දාලා තිබී මා දැක්කා. ඒ බව නංගීටත් ආරංචිවෙලා තියෙන්න ඇති. මේ පිළිබඳව අපේ පවුලේ අයත් නංගීගේ සැමියාත් කතා බස් කර සජිත් සාගර නමැත්තාට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් දැමීමට තීරණය කර ඔක්තෝබර් 4 වන දින අපේ අම්මාත්, මාමාත්, නංගී සමඟ බිංගිරිය පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබුණා. පසුව අම්මා හා මාමා නංගීව වෙලංගොල්ල ගෙදර නවත්වලා අපේ ගෙදර ආවා. ඉන්පසුව අපේ මාමාට දුරකතන ඇමතුමක් දුන් අයෙකු කියා තිබුණා නංගී ගේ ඇතුළේ කාමරයක ගෙල වැළලාගෙන ඉන්නා බව. අපි වහාම වෙලංගොල්ලේ ඒ නිවසට ගියා. එහිදී මා දැක්කා නංගී ගෙදර කාමරයක වහලේ රෙදි පටියකින් ගෙල වැළලාගෙන එල්ලී ඉන්නවා. රෙදි පටිය කපා නංගීගේ සිරුර බිමට ගෙන වාහනයකින් බිංගිරිය රෝහලට රැගෙන ගිය අතර එහිදී වෛද්‍යවරියක් නංගීගේ සිරුර පරීක්ෂාකර බලා කීවා. ඇය මියගොස් ඇති බව. නංගි පෙර ඇය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත් වූ සුජිත් සාගර නැමැත්තා ඒ කාලයේ ගන්නා ලද නංගිගේ ඡායාරූප ඔහු විසින් ෆේස්බුක් එකට දමා ඇති බව දැනගන්නට ලැබී සිත් තැවුලට හා ලැජ්ජාවට පත්ව නංගි මෙලෙස සියදිවි නසාගන්නට ඇතැයි මා සිතනවා. ” යැයි පැවසීය.
මිය ගිය තරුණියගේ ස්වාමි පුරුෂයා වන සඳුන් ජීවන්ත මහතා මෙසේ පැවසීය.
අපි දෙන්නා පසුගිය අගෝස්තු මස 27 වැනිදා විවාහ වුණා. මීට දවස් තුන හතරකට පමණ පෙර මගේ දුරකථනයට කතා කළ කහවල ප්‍රදේශයේ සුජිත් සාගර කියලා කෙනෙක් මට කිව්වාමගේ බිරිද සමග ඔහුගේ පෙම් සබදතාවයක් තිබුණා. ඒ දවස්වල ගත්තු ෆොටෝ ෆේස්බුක් එකට දාලා තියෙනවා කියලා බිරිදට කියන්න කියලා.” යැයි පැවසීය.
කුලියාපිටිය චාමර විමලරත්න