අද උදෑසන 7.00ට පමණ හලාවත- පනිරෙන්ඩාව රක්ෂිතය අසලදී පුද්ගලයෙකු විසින් හලාවත අඩවි වන නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තිබේ. මෙම සිදුවීමට මුල්වී ඇත්තේ වන නිලධාරීන් දෙදෙනො මේ දිනවල සිදුවන නීති විරෝධී වල්ලපට්ටා මංංකොල්ල කෑඹ ගැන සෝදිසි කිරීමක් සිදුකරන අතර තුරදීය. එම ස්ථානයේ දී පසුගිය දින කීපයකම වල්ලපට්ටා සොරෙන් කපාගෙනයාම් සිදුවී ඇති අතර වැටලීම්ද සිදුකර ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා අඩවි වන නිලධාරීන්ට බැණ වදිමින්, තර්ජනය කරන ආකාරය වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍යට මුදාහැර තිබේ. සිදුවීමට අදාළ පුද්ගලයා කාරෙක ලකුණින් මැතිවරණයට තරගවැදීමට යන බවද නිල නොවන ආරංචි මාර්ග පවසයි.
පහරදීමෙන් පසුව පොලීසිය විසින් නිලධාරීන්ට තර්ජනය කළ දේශපාලකයාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට හවස් වන විට ඇප ලබාදී ඇති බව අඩවි වන නිලධාරීන් පවසයි.