Saturday, September 21, 2024

ගොඩයන සෙට් එකේ තේමා ගීතය එළි දක්වන්න ගිහින් ප්‍රශ්ණ රැසක්!

Must read

රටේ සිදුවිය යුතු අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කරන මෙන්ම ඒවා සිදු කිරීමට රජයට බලකරන ගොඩයමු සාමූහිකයේ තේමා ගීතය සහ ජාතික පණිවිඩය ඊයේ (23) දා මරදාන ට්‍රේස් සිටි ශ්‍රවණාගාරයේදී එළිදැක්වුනා.

මෙහි ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නොමිලේම තමන් ගේ දායකත්වය ලබා දුන් ජ්‍යෙෂ්ට ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස්ය.

මෙම එළිදැක්වීම සඳහා සියලු මාධ්‍යවලට ආරාධනා කර තිබුණු අතර ගොඩයමු ව්‍යාපෘතිය පිළිබඳ ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට එහිදී අවකාශ සලසා තිබුණා.

එහිදී මෙම ව්‍යාපෘතිය ගැන ප්‍රශ්ණ ගණනාවක් පැමිණ තිබූ පිරිස විසින් ඉදිරිපත් කිරීම නිසා සභාව උණුසුම් මුහුණුවරක් ගනු ලැබීය.

කෙසේ නමුත් ගොඩයමු සාමූහිකය පෙනී සිටින මූලික අවම ආර්ථික ප්‍රතිසංස්කරණයන් මේවායි.

ගොඩයමු සාමූහිකයේ ආර්ථික ප්‍රතිසංස්කරණ පාදක වී ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තුවේ බොහෝ පක්ෂවල නියෝජිතයන් විසින් පිළිගත් අවම ආර්ථික වැඩපිලිවෙල මතයි. මෙය කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවූ පුරවැසි ක්‍රියාකාරීත්වයක් බව ගොඩයමු සාමූහිකය පවසයි.

සියල්ල රජයෙන් ලබා දිය යුතු යැයි සිතන සුබසාධනවාදී ජාතික මානසිකත්වයෙන් ගැලවීම.

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් වහා නතර කිරීම සහ රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීම.

පාඩු ලබන රාජ්‍ය ආයතන ජනතාකරණය කිරීම.

ආයෝජනවලට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ බාධාකාරී නීතිරීති ප්‍රතිසංස්කරණය.

ඵලදායී, කාර්යක්ෂම සමාජ ආරක්ෂණ ජාලයක් ඇති කිරීම.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් හැකි උපරිම සහයෝගය ලබා දෙමින් තමන් සමග අත්වැල් බැඳගන්නා මෙන් ගොඩයමු සාමූහිකය මෙහිදී සියලු මාධ්‍ය වලින් ඉල්ලීමක්ද කරනු ලැබුවා.

මහාචාර්ය රොහාන් සමරජීව, ඇඩ්වොකාටා ආයතනයේ ධනනාත් ෆර්නැන්ඩො, රන්දුලා ද සිල්වා සහ චින්තන ධර්මදාස යන අය මෙහිදී ‍ගොඩයමු සාමූහිකය වෙනුවෙන් අදහස් දැක්වුවා.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article