Wednesday, December 11, 2024

වෙරළ පරිසරය විනාශ කරන මාදැල් ඇදිල්ල

Must read

මේ දිනවල ආරම්භ වී ඇති මාදැල් රස්සාව හේතුවෙන්  තෙප්පම් රස්සාවේ යෙදෙන සම්ප්‍රදායික ධීවරයින් බරපතල ගැටලුවකට මුහුණ දී සිටියි. ‌මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉරණවිල ප්‍රදේශයේ ධීවරයින් සිය ධිවර සමිති හරහා ධීවර ක්ෂේත්‍රයේ වගකිවයුතු ඉහල නිලධාරීන් දැනුවත් කර ඇති අතර මෙතෙක් ඔවුන්ට විසදුමක් ලැබී නොමැති බව ඔවුන් පවසයි. මෙම මැදැල් රස්සාවේ  ගැටලුව නිර්මාණය වී ඇත්‌තේ  මැදැල් රස්සාව පැරණි සම්ප්‍රදායික ක්‍රමයෙන් ඉවත්වී ටැක්ටර් සහ කිත්තන් දැල යොදාගනිමින් සිදුකිරීම හේතුවෙන් දිනකට වාර කීපයක් මුහුදේ මසුන් මැරීමත් සමග තෙප්පම් රස්සාකරුවන්ට මාලු හිග වීමයි. ට්‍රැක්ටරය සහ නවීන දැල නිසා ඉක්මණින් මාදැලක් වට කිරීමට හැකියාව ලැබෙන අතර මේ හේතුවෙන් මුහුදට කිප වාරයක් මාදැල් පාඩු දැමීම සිදුකරනු ලබයි. මේ ටැක්ටර් යොදාගෙන මා දැල ගොඩට ඇදීම හේතුවෙන් වෙරළ දැඩිසේ හානි වන අතර විශාල ලෙස සිදුවන මුහුදු ඛාදනයට ලක්විම සිදුවේ.  ඉරණවිල ජීවත්වන සම්ප්‍රදායික ධීවරයින් පවසන්නේ මෙම ප්‍රශ්නය මේ වනවිට ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීම දක්වා බලපා ඇති බවත්, තොඩුවාව ප්‍රදේශයේ ධීවරයින්ගේ බලපෑම නිසා තොඩුවාව ‌මුහුදේ   මැදැල් දැමීම ඉඩනොදී රැකගෙන ඇති බවයි. මෙසේ තිබියදී මෙම ඉරණවිල ගමට මාදැල් රස්සාව කිරීම නිසා පිට ගමකින් පැමිණි පුද්ගලයින් කීප දෙනෙකු මේ දිනවල මාදල් රස්සාවේ නිරත වන අතර ඔවුන්ට ඒ් සදහා බලපත්‍ර ද මහවැව ධීවර කාර්යාලය විසින් ලබාදී ඇති බවයි.

වසර ගණනක් තිස්සේ මැදැල් රස්සාව හේතුවෙන් තෙම්පම් ධීවරයින් මුහුණ දී ඇති අර්බුදය ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙතත් ලිඛිතව දැනුම් දී ඇති බව ධීවර ක්‍රීයාකාරීන් පවසයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article