පසුගිය 31 වනදා ලුණුවිල සී නෝර් ආයතනයේ සේවක පිරිසක් විසින් මාළිගාවත්ත ධීවර අමාත්‍යංශය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ. ධීවර අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන ලුණුවිල ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය දැල් නිෂ්පාදනය කරන ලබන නෝත් සී කර්මාන්තශාලාවේ සේවකයන්ගේ මාස තුනක වැටුප් නොගෙවීම නිසා එහි සේවකයන් මහත් අපහසුතාවයට පත්වී සිටින අතර එම හේතුවෙන් ලුණුවිල නෝත් සී සුරැකීමේ සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාළිගාවත්ත ධීවර අමාත්‍යංශය ඉදිරිටදී පවත්වා තිබේ.
ඡායාරූපය උපුටාගැනීම – ලංකාදීප