Tuesday, November 26, 2024

ව්‍යසන තත්ත්වය පෙන්වා කෙනෙකුගේ නිදහස අහිමි කළ හැකිද ?

Must read

1610383350-hisbulla_l
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසරකටත් වැඩි කාලයක් රඳවා සිටින නීතිඥ හිස්බුල්ලා මහතා සම්බන්ධ නඩුව ඊයේ  මෝසමක් මගින් පුත්තලම අධිකරණයේදී කැඳවන ලදී. එහිදී ඔහු වෙනුවෙන් පෙනිසිටින නීතිඥවරයා පැවසූවේ වසරකටත් අධික කාලයක් නීතිඥ හිස්බුල්ලා මහතා රඳවාගෙන තිබෙන බවත් ඔහුට එරෙහිව චෝදනා ගොනුවීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින  පුත්තලම මහාධිකරණයේ රජයේ නීතිඥවරයා  , කරුණු දක්වමින්  පවතින වාතාවරණය සමඟ රට පුරා මහාධිකරණවල කටයුතු කරන්නේ එකම ආකාරයට බවත්  මෙම නඩුවට පමණක් වෙනත් ආකාරයකට කටයුතු කළ නොහැකි බවත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් මත කටයුතු කරන බවත් ප්‍රකාශ කර තිබේ.
රටේ පවතින කණගාටුදායක තත්ත්වය ගැන හොඳින් දන්නා නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහයට උඩින් කිසිවක් කිරීමට කිසිවකුට නොහැකි බව රජයේ නීතිඥවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් නීතිඥ චමින්ද අතුකෝරල මහතා ප්‍රකාශ කළේය. ව්‍යසන තත්ත්වය පෙන්වා කෙනෙකුගේ නිදහස අහිමි කරන්නට නොහැකි බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.
කරුණු සලකා බලමින්  මහාධිකරණ විනිසුරුවරිය අධිකරණ බලයට උඩින් වැඩ කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට නොහැකි බව ප්‍රකාශ කර ඇති අතර එසේ වුවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අදහස වැදගත් බවත් ප්‍රකාශකර තිබේ.
අත්අඩංගුවට ගෙන රදවා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ මදුරංකුලිය මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් වෙනුවෙන්  හෆීල් ෆාරිස්, නුවන් බෝපගේ, නිරෝන් අංකිටල් ඇතුළු නීතිඥවරුන් පිරිසක් සමඟ නීතිඥ චමින්ද අතුකෝරල මහතා පෙනී සිටින ලදී.
විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ සහ මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ අදහස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස   මහාධිකරණ විනිසුරුවරිය වන කුමාරි අබේරත්න මහත්මිය නියෝග කර ඇති අතර, නඩුව යළිත් ලබන ජූලි 02 දා කැඳවීමට නියෝග කර තිබේ.

තොරතුරු  – medialk.com
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article