Sunday, November 24, 2024

හලාවත රෝහලේ දි මෘත ශරීරයක් අතුරුදහන් වෙයි

Must read

ucapan-setan-saat-sakaratul-maut-1 (1)

හලාවත මහා රෝහලේදී මිය ගොස් ඇති අයෙකුගේ මෘත ශරීරයක් අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බව රෝහල් අධ්‍යක්ෂක කපිල මල්ලවාරච්චි මහතා සදහන් කරයි. මිය ගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ  පදිංචිකරුවෙකු බව කියන ඩී.එම්.රුවන් සම්පත් (අවු:45) නම් අයෙකි.

මුන්දලම – ගල්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටින තම ඥාතියෙකුගේ නිවසට පැමිණ සිටියදී එම අය පසුගිය 31 වැනිදා රෝගී තත්ත්වයට පත්ව ඇත.ප්‍රතිකාර සදහා එම අවස්ථාවේදීම ඔහු හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.31 වැනිදා රාත්‍රීයේ ඔහු මිය ගොස් ඇත.

01 වැනිදා ඥාතීන් විසින් සිරුර හදුනා ගෙන ඇත.පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා සිරුර හලාවත මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.රෝහලෙන් ලැබී ඇති පණිවිඩයක් අනුව 03 වැනිදා දහවල් ඥාතීන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා පැමිණ ඇත.නමුත් ඒ වන විට මෘත ශරීරය මෘත ශරීරාගාරයේ තිබී නැත. පසුව ඥාතීන් විසින් මේ බව රෝහල් අධ්‍යක්ෂකවරයාට සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට පැමිණිළි කරමින් සදහන් කර ඇත.

මහවැව ප්‍රදේශයට සහ බිංගිරිය ප්‍රදේශයට දේහයන් දෙකක් හලාවත මහා රෝහලේ මෘත ශරීරාගාරයෙන් නිදහස් කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.ඒ අනුව එම දේහයන් සම්බන්ධයෙන් ඥාතීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සොයා බැළුවත් අතුරුදහන්වී ඇති සිරුර හමුවී නැත.

ඒ අනුව දැනට භූමදානය කර ඇති ආරච්චිකට්ටුව – කරුකුපනේ ප්‍රදේශයේ දේහයක් සම්බන්ධයෙන් රෝහලේ අවධානය යොමු වී ඇත.


ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article