රජය මගින් සංචරණ සිමාවන් පනවා තිබිය දි එම සීමාවන් මායිම් නොකර යතුරු පැදියකින් මත්කුඩු තොගයක් රැගන යමින් සිටි තරුණයින් දෙදෙනෙකු පෙරේදා ( 15 දා ) පස්වරු දන්කොටුව බුජ්ජම්පල දි අත් අඩංගුවට ගත හැකිවු බව දන්කොටුව පොලිසිි පවසයි.
මේ මස 17 වන දින පෙරවරු 4 දක්වා දිවයින පුරා සංචරණ සීමවෙන් පනවා තිබිම නිසා එම සීමාවන් බිදිමින් මහ මග සැරි සරමින් ගමන් බිමන් යන පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස දන්කොටුව පොලිසියේ නිලධාරින් පිරිසක් බුජ්ජම්පල පාසල් මාවත ප්රදේශයේ ජංගම සංචරයක නිරතව සිටිය දි ඉදිරියෙන් යතුරු පැදියක දෙදෙනෙකු පැමිණි බවත් පොලිස් කැබ් රථය දුටු පැනින් යතුරු පැදිය ආපසු හරවා ගෙන යාමට තැත් කළ බවත් එම අවස්ථාවේ දි යතුරු පැදියේ වේගය පාලනය කර ගත නොහැකිව පාර මැද පෙරැලුන අතර පැදියේ ආ දෙදෙනා පලා යාමට තැත් කර ඇති බවත් පොලිසිය කියයි.
සෝදිසි කිරිමේ දි ඔවුන්ගේ යට ඇදුම් වල සගවා ගෙන යමින් තිබු හොරෝයින් මත්කුඩු මිලි ග්රැම් 3100 ක් සොයා ගත් බවත් සැකකරුවන් බුජ්ජම්පොල ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
ඔගස්ටින් ප්රනාන්දු