Saturday, November 23, 2024

ළමා අපරාධවලට එරෙහිව විදේශිකයෝත් වීදි බසිති.

Must read

ළමුන් ඉලක්ක කරගනිමින් සිදුවන අපරාධ ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමන්නැයි ඉල්ලා විදේශිකයින් පිරිසක්ද වීදි බැස සිටින අයුරු දැක්වෙන අපූර්ව දසුනක් ඊයේ (26 දා ) කුරුණෑගලදී දැකගත හැකි විය.

ලාංකික දරු දැරියන් වෙනුවෙන් වීදි බැස සිටි මෙම විදේශිකයින් පිරිස දැක ගත හැකි වූයේ ළමා අපරාධකරුවන්ට දැඩි දඩුවම් ලැබෙන නීති සකස් කරන්නැයි ඉල්ලා වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුඵ 18+ පුරවැසියෝ සංවිධානය විසින් කුරුණෑගල නගරයේදී ඊයේ සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතාවයකදීය.

ඝාතනය කෙරුණු සේයා සෙව්මිණි දැරිය වෙනුවෙන් මෙන්ම එම ඝාතනයට සැකපිට අසාධාරණ ලෙස සිරගත කෙරුණු 17 හැවිරිදි පාසැල් සිසුවාටද සාධාරණය ඉටුකරන්නැයි බලකෙරුණු මෙම උද්ඝෝෂණයට සිවිල් සංවිධාන නියෝජිතයින්, ව්‍යාපාරිකයින්, ජනමාධ්‍යවේදීන්, දෙමව්පියන් මෙන්ම කුඩා දරු දැරියන් පිරිසක්ද එක් වී සිටීම විශේෂත්වයක් විය. විරෝධතා වැකි ලියූ පුවරු ප‍්‍රදර්ශනය කරමින් පළමුව කුරුණෑගල ඔරලෝසු කණුව අසලදී උද්ඝෝෂණයේ යෙදුණ පිරිස අනතුරුව කුරුණෑගල නගරය වටා ජනතාව දැනුවත් කිරීමේ පාගමනකද යෙදීමෙන් පසුව සාමකාමීව විසිරී ගියහ.

lama1 lama2 lama3 lama4 lama5 lama6 lama7 lama8

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article