හලාවත මුන්නේශ්වරම පුජා නගරය තුළ මල් වට්ටි අලෙවි කරමින් සිටිනා අතර මත් කුඩු අලෙවි කිරිමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය මහා පරිමානයේ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ ඔහුගේ ගෝලයකු පෙරේදා ( 17 දා ) සවස හලාවත කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය විසින් සිදු කළ මෙහෙයැවුමක දි අත් අඩංගුවට ගෙන ඇත. මුන්නේශ්වරම කාලි අම්මන් කෝවිල ඉදිරිපස පුජා වට්ටි අලෙවි කිරිම සදහා පවත්වා ගෙන යනු ලබන පුජා වට්ටි වෙළද සැල් වල හෙරෝයින් මත්කුඩු අලෙවි කරණ බවට ලැබුණ තොරතුරක් අනුව පොලිස් නිලධාරින් ඒ සම්බන්ධයෙන් පැවැත්වු විමර්ශන වලින් අනතුරුව සැකකටයුතු පුජා වට්ටි වෙළදසැලක් වටලා සිදු කළ පරික්ෂා කිරිම කදි මත්කුඩු වෙළදාම සිදු කරමින් සිටි ජාවාරම්කරු හා ගෝලය අත් අඩංගුවට ගත හැකිවු බවත් එම ඒකකය කියයි. සැකරුවන් මුන්නේශ්වරම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වන අතර ප්‍රධාන ජාවාරම්කරු වෙත මත්කුඩු මිලිගෑම් 2420 ක් ගෝලයා වෙත මත්කුඩු මිලිග්රැම් 110 ක් තිබු බව පොලීසිය පවසයි. සැකකරුවන් හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. හලාවත කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ සහකාර පොලිස් අධිකාරි විජේවර්ධන හා හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සෙනරත් එදිරිසිංහමහත්වරුන්ගේ උපදෙස් අනුව කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කරුණාරත්න සැරයන් හේරත් 39398 කොස්තාපල්වරුන් වන රත්නායක 63503 කුමාර 72467 චාමර 66716 ස්වර්ණතිලක 84280 යන මහත්වරුන් මෙම වැටලිම සිදු කළහ.
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු