Saturday, November 23, 2024

විහාරස්ථාන ලියාපදිංචි කරන ලෙස ඉල්ලා කල්පිටියේ බෞද්ධ භික්ෂූන් උපවාසයේ

Must read

 

 

DSC00353

කල්පිටිය – කන්දකුලිය ශ්‍රී සමුද්‍රසන්න විවාහරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය බැදිවැව දියසේන හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා සිව් නමක් 30 වැනිදා පෙරවරුවේ සිට කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.

කල්පිටිය ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති විහාරස්ථාන 03 ක් ලියාපදිංචි කිරීම කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන් විසින් නෙකරන බවත්,මෙම තත්ත්වය නිසා එම විහාරස්ථාන වල පවත්වා ගෙන යන දහම් පාසල් දරුවන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවද උපවාසයට එක්ව සිටින ස්වාමීන්වහන්සේලා පවසයි.

දැනට කල්පිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස කටයුතු කරන හිමියන්ට විවිධ අපරාධ චෝදනා යටතේ අධිකරණයන් හමුවේ නඩු විභාග වන බැවින් උන් වහන්සේට නැවත වතාවක් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධීකාරී ධූරයට තරග කිරීමට නොහැකි බවද උපවාසයට එක්ව සිටින ස්වාමීන් වහන්සේලා සදහන් කරති. භික්ෂූන් වහන්සේලා විසින් ආරම්භ කර ඇති උපවාසයට සහාය පල කිරීම සදහා හින්දු පූජකවරයෙකු සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද එක්ව සිටියේය.2021 වර්ෂය සදහා කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නිල වරණය දෙවතාවක් පැවැත්වීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.

ඡායාරූප – ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article