Saturday, November 23, 2024

Save a Paw සංවිධානයෙන් වෙන්නප්පුව ‘සුනඛ සෙවනට’ සහයෝගය

Must read

163056532_1116551205537955_5941055911510003819_nවෙන්නප්පුව ප්‍රා.සභාපතිවරයා විසින් දැනට මාස දෙකකට පමණ ඉහතදී ආරම්භ කරන ලද ඉතාම ඇගයිය යුතු සද්කාර්්‍යයක් වන වෙන්නප්පුව සුනඛ සෙවනේ තත්ත්වය පරීක්ෂා කිරීම සදහා ඊයේ (23)  සේව්  පාවෝ සංවිධානය (Save  Paw )  සංචාරයක නිරත වන ලදී.  වෙන්නප්පුව පා.සභාපතිවරයා හමුවී මෙම සුනඛ සෙවන පවත්වාගෙන යාමේදී ඇති ගැටලු සම්බන්ධයෙන් සේව් පාවෝ සංවිධානය විසින් සාකච්ඡාවක් සිදුකිරීමෙන් අනතරුව  ඔවුන් එම මධ්‍යස්ථානය පිහිටි ස්ථානයේ නැරඹීමට පැමිණි අතර එහි සිටින සතුන්ගේ තත්ත්වය හා අඩුපාඩු විමර්ශනය කරන ලදී. මෙහිදී ඔවුන් අවධාරණය කළේ  මෙම සත්ව සුබසාධන මධ්‍යස්ථානය ප්‍රා.සභාපතිවරයා විසින් යහපත් අරමුණකින් ආරම්භ කර ඇති බවත්, ඒ සදහා අවශ්‍ය උපකාර සොයා බලා ලබාදිම සමාජයේ යුතුකම බවයි.   සේව්  පාවෝ සංවිධානයේ නිර්මාතෘ ශිවන්ති සන්සෝනි මහත්මිය ප්‍රකාශ කළේ  මෙවැනි තැන් රටටම ආදර්ශයක් වියයුතු අතර මෙවැනි සත්ව සුබසාධන මධයස්ථාන විධිමත් හා සාර්ථක ආකාරයට පවත්වාගෙන යාමට  ඒවායේ අඩුපාඩු සපුරා ගැනීමට අවශ්‍ය  සහයෝගය ලබාදෙමින් ඒවා දිරිමත් කලයුතු බවයි.  මෙම සුනඛ සෙවනේ පූසන් ,බල්ලන් එකට සිටීම සතුන් පාලනයේදී නොගැලපෙන අතර ඔවුන් වෙන්කළ යුතු වන අතර රෝගී සතුන් වෙන්කිරීමට වෙනම කාමර හෝ වෙන්කළ ස්ථාන තිබිය යුතු බවත් ශිවන්ති සන්සෝනි මහත්මිය අවධාරණය කළාය. ඉදිරියේදී මෙම ස්ථානයට සේව් ද පාවෝ සංවිධානය ලෙස උපකාර කිරිමට තමන් බලාපොරොත්තු වන බවද ඇය ප්‍රකාශ කරන ලදී.
මෙම සුනඛ සෙවන මධ්‍යස්ථානය අසලට පුද්ගලයින් විසින් සතුන් ගෙනත් දමා යන ආකාරයක් දක්නට තිබේ. ඊයේ එම ස්ථානයේ අලුත ඉපදුන පූස් පැටවුන් ගෙනත් දමා තිබූ අතර ඔවුන්ව ඩැහැගැනිමට කපුටන් ද සැරිසරනු දක්නට හැකිවිය. එම ස්ථානයේ එක් පැත්තකද ගේට්ටුවක් හෝ ආවරණයක් නොමැත. පුංචි බලු පැටවුන්  නිතරම වාහන ගමන් ගන්නා මාර්ගයට ඇදි එති. සතුන් බලා ගැනීමට සේවකයෙකු එම අවස්ථාවේ නොසිටි අතර මධ්‍යස්ථානය හුදකලා ස්ථානයක් සේ දිස්විණි.  සතුන්ට බත් හා ජලය ලබාදී තිබූ අතර නගර සභාව විසින් නගරයේ කුණු එකතු කරන ස්ථානයද  මෙය බැවින් සතුන් කුණු සමග සිටින ආකාරයද දක්නට ලැබුණි. 2 DSCF0573 viber_image_2021-03-24_01-25-26 DSCF0591 DSCF05865

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article